අවදානම නිසා රජයත් බියෙන් - හදිසි ගල්අඟුරු මිලදී ගැනීමකට අනුමැතිය

Report

ලක්විජය බලාගාරයට හදිසි ගල්අඟුරු මිලදී ගැනීමකට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති බව බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්, විදුලිබල මණ්ඩලයේ සභාපති මහාචාර්ය උදයංග හේමපාල මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව ගල්අඟුරු මෙට්‍රික් ටොන් ලක්ෂ 03 ක් හදිසි මිලදී ගැනීම් යටතේ ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව ඔහු සඳහන් කළා.

පසුගිය පෙබරවාරි 12 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවැති යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී එම සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. එම්. මරික්කාර් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මෙසේ පවසා ඇති බව සඳහන්.

දකුණු අප්‍රිකාවෙන් මිලදී ගත් ගල්අඟුරු තොග ගුණාත්මක පරීක්ෂණවලින් අසමත්වීම නිසා මැයි මාසයේ මෝසම් වැසි ආරම්භ වීමට පෙර ප්‍රමාණවත් ගල්අඟුරු සැපයුම් සුරක්ෂිත කළ නොහැකි වුවහොත් අර්බුදයක් ඇතිවීමේ අවදානමක් මතුවිය හැකි බැවින් මෙම හදිසි මිලදී ගැනීමට කටයුතු කර ඇති බව සඳහන්.

හෙට සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට විශේෂ උපදෙස්

හෙට සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට විශේෂ උපදෙස්

ඒ අනුව යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී වැඩිදුරටත් හෙළි වූයේ ලක්විජය ගල්අඟුරු බලාගාරයට පැමිණි පළමුවැනි අඟුරු නැව් තුනම ප්‍රමිතියෙන් තොර බවට විදුලිබල අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙම කාරක සභාවට ලිපියක් එවා ඇති බවයි.

එහි සඳහන්ව තිබුණේ පළමුවැනි නැවේ තිබූ ගල්අඟුරු ප්‍රමාණයේ ප්‍රමිතියවත් තුන්වැනි ගල්අඟුරු නැවේ නොමැති බවත් එය මේ ගල්අඟුරු නැව් දෙකටම වඩා ප්‍රමිතියෙන් අඩු බවයි.

එසේම මෙහිදී කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නේ ලිඛිතව එවා ඇති මෙම දත්ත ඇතුළත් ලිපිය අදාළ කර නොගන්නා මෙන් නැවත දන්වා ඇති බවයි.  

විශ්වවිද්‍යාල ගැන නරක ආරංචියක් - රජරට විශ්වවිද්‍යාලයේ ලොකු ප්‍රශ්නයක්

විශ්වවිද්‍යාල ගැන නරක ආරංචියක් - රජරට විශ්වවිද්‍යාලයේ ලොකු ප්‍රශ්නයක්

අවුරුදු 14 ට පස්සේ විශේෂ රැස්වීමක් - සියලුම නීතීඥවරු අද කරන්න යන දේ

අවුරුදු 14 ට පස්සේ විශේෂ රැස්වීමක් - සියලුම නීතීඥවරු අද කරන්න යන දේ

රත්තරන් ගන්න ඉන්න ඔයාට අද රන්මිල මෙන්න

රත්තරන් ගන්න ඉන්න ඔයාට අද රන්මිල මෙන්න