හෙට සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට විශේෂ උපදෙස්

Report

හෙට (17) සිට ආරම්භ කිරීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් අද දිනයේ සැහැල්ලු මනසකින් සිටීමට කටයුතු කළ යුතු බව රාගම වෛද්‍ය පීඨයේ මහාචාර්ය විශේෂඥ මනෝ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව අද රාත්‍රියේදී නිදි වර්ජිතව අධ්‍යයනය කටයුතුවල නිරත වීම සුදුසු නොවන බවත්, ආගමික වතාවත්වල නිරත වෙමින් සිත සන්සුන් කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කළ යුතු බවත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෛද්‍යවරයා සඳහන් කළා.

එසේම මෙම කෙටි කාලසීමාව තුළ දී, මේ වන තෙක් අධ්‍යනය කර නොමැති විෂය කරණු අධ්‍යයනය කිරීමට කාලය වැය කිරීමෙන් වැළකී සිටින ලෙස ද මනෝ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතා අවධාරණයෙන් සිහිපත් කරයි.

දැනට අධ්‍යයනය කර ඇති විෂය මාලාවන් යළි ආවර්ජනය කිරීම පමණක් සිදු කිරීම ප්‍රමාණවත් බව ද විභාගයට පෙනී සිටින සිසුන් වෙත වෛද්‍යවරයා දැනුම් දෙයි.

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය හෙට සිට 26 දක්වා - හෙට එන්න ඕන විදිහ දැනුම් දෙයි

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය හෙට සිට 26 දක්වා - හෙට එන්න ඕන විදිහ දැනුම් දෙයි

එමෙන්ම මනෝ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ප්‍රශ්න පත්‍රය ලබා දීමෙන් අනතුරුව පළවෙනි විනාඩි 5 ඉතාමත් වැදගත් වන අතර එම කාලය තුළ මානසික පීඩනය ඉහළ යා හැකි බැවින් පළමු ප්‍රශ්නය සඳහා පිළිතුරු ලිවීමට උත්සාහ නොකරන ලෙසයි.

එබැවින් ඒ වෙනුවට එම කාලය, ප්‍රශ්න පත්තරය හොඳින් කියවා පහසුවෙන් පිළිතුරු ලිවිය හැකි ප්‍රශ්නයක් තෝරා ගැනීමට වැය කරන ලෙසද ඔහු පවසයි. එසේ පහසු ප්‍රශ්නයක් තෝරා ගනිමින් පිළිතුරු ලිවීම ආරම්භ කිරීම විභාගය වෙනුවෙන් වඩාත් හොඳ ප්‍රවේශයක් වන බවද වෛද්‍යවරයා සඳහන් කරයි.

කෙසේ වෙතත් ඔහු කියා සිටියේ මෙම ක්‍රමය අනුගමනය කිරීම හරහා සෘණාත්මක පීඩනය අඩු කර ධනාත්මක පීඩනයක් ඇති කරවන බවයි.

2025 වර්ෂයට අදාළ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට (17) දින ආරම්භ වීමට නියමිත අතර විභාග මධ්‍යස්ථාන 3,545ක අපේක්ෂකයින් 451,463ක් මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.  

විශ්වවිද්‍යාල ගැන නරක ආරංචියක් - රජරට විශ්වවිද්‍යාලයේ ලොකු ප්‍රශ්නයක්

විශ්වවිද්‍යාල ගැන නරක ආරංචියක් - රජරට විශ්වවිද්‍යාලයේ ලොකු ප්‍රශ්නයක්

සා.පෙළ පැවැත්වෙන කාලසීමාවේ කාලගුණයේ වෙනසක් ගැන දැනුම් දෙයි

සා.පෙළ පැවැත්වෙන කාලසීමාවේ කාලගුණයේ වෙනසක් ගැන දැනුම් දෙයි