කොළඹට රජයෙන් තෑග්ගක් - කැබිනට් අනුමැතිය හිමිවෙයි - රැකියා අවස්ථා 800ක් නිර්මාණය වෙයි
2021 අංක 11 දරන කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනතේ 53 වන වගන්තියේ විධිවිධාන යටතේ, 'Prime Melwa (Pvt) Ltd' සමාගම උපායමාර්ගික වැදගත්කමක් සහිත ප්‍රධාන ව්‍යවසායක් ලෙස නම් කිරීම සඳහා වන යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.
කොළඹ වරාය නගරය තුළ ක්‍රියාත්මක කෙරෙන, වාණිජ, නේවාසික සහ විනෝදාස්වාද පහසුකම්වලින් සමන්විත සුවිශේෂී බහු-කාර්ය වෙරළබඩ ව්‍යාපෘතියක් (Landmark Mixed-Use Waterfront Project) සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 112.2ක (ආසන්න වශයෙන් රුපියල් බිලියන 15.95ක) ආයෝජනයක් සිදු කිරීමට මෙම සමාගම සූදානමින් සිටී. මෙම සංවර්ධන ව්‍යාපෘතිය මගින් ඉදිරි වසර කිහිපය තුළ රැකියා අවස්ථා 800ක් පමණ නිර්මාණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
රාජ්‍ය සේවයට නිළධාරීන් 120,000ක් බඳවාගැනීම් - ආයේ මන්ත්‍රීගේ ඇමතිගේ උදව්වෙන් රාජ්‍ය සේවයට බැදුණු කාලේ ඉවරයි - විභාග හා සම්මුඛ පරීක්ෂණ සුදුසුකම් මත රැකියා
අදාළ පනතට අනුව, උපායමාර්ගික වශයෙන් වැදගත් යැයි හඳුනාගෙන ඇති ව්‍යවසායන් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතියට යටත්ව සහන හෝ දිරිගැන්වීම් ලබා දීමට මෙම නම් කිරීම මගින් කොමිෂන් සභාවට බලය හිමි වේ.
නාගරික සංවර්ධනය, විදේශීය ආයෝජන ගලා ඒම සහ රැකියා උත්පාදනය යන ක්ෂේත්‍රවලට මෙම ව්‍යාපෘතිය මගින් විශාල දායකත්වයක් ලැබෙනු ඇතැයි නිලධාරීහු පෙන්වා දුන්හ. මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අනුමැතිය ඇතිව මෙම යෝජනාව ඉදිරිපත් කරන ලද අතර, අනතුරුව එය අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.