පිස්තෝලයේ ඇගිලි සළකුණු අතුරුදන් - රටම කම්පනයට පත් කරමින් සියදිවි නසා ගත් බව කියූ හිටපු පොලිස්පතිගේ මරණයේ හදිසි පෙරළියක්
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට වෙඩි වැදීමේ සිද්ධියට අඳාළව සිදුකෙරෙන විමර්ශනවලදී, එම වෙඩි තැබීමට යොදාගත් බව කියන ගිනි අවියේ තිබූ ඇඟිලි සලකුණු කිසිවක් සොයා ගැනීමට නොහැකි වී ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
කෙසේ වෙතත් ගිනි අවියක් ක්‍රියාත්මක වීමේදී ජනනය වන අධික තාපය නිසා එහි පෘෂ්ඨය මත පවතින ඇඟිලි සලකුණු මැකී යාමේ ස්වභාවික හැකියාවක් පවතින බවත්, මෙම පිස්තෝලයේ ද සලකුණු මැකී යාමට එය හේතු වන්නට ඇති බවත් පොලිසිය අනුමාන කරන බව සඳහන්.
එමෙන්ම සාමාන්‍යයෙන් අපරාධයකට යොදාගත් උණ්ඩ සහ ගිනි අවිය අතර පවතින ගැළපීම මඟින් විද්‍යාත්මක සාක්ෂි ගොඩනැගිය හැකි වුවත්, ඇඟිලි සලකුණු නොමැති වීම නිසා සිද්ධියේ සුලමුල සෙවීමේ එක් ප්‍රධාන සාධකයක් ගිලිහී ගොස් ඇති බව සඳහන්.
ඒ අනුව විමර්ශන අංශ පෙන්වා දෙන්නේ වෙඩි වැදීම සිදුවූ විට නිවස තුළට කිසිවෙකු ඇතුළු වූ බවට හෝ පිටතින් පැමිණි අයෙකු සම්බන්ධ බවට මෙතෙක් කිසිදු සාක්ෂියක් හෙළි වී නොමැති බවයි.
එබැවින් මෙම සිදුවීම අත්වැරදීමකින් සිදුවූවක් ද නැතහොත් සියදිවි නසාගැනීමේ උත්සාහයක් ද යන්න පිළිබඳව දැනට සැක පළ කරන බව වාර්තා වේ.
මේ අතර සිද්ධියට පෙර නිවස අවට පැවති තත්ත්වය නිරීක්ෂණය කිරීමට සී.සී.ටී.වී. දර්ශන ද මේ වන විට පොලිස් පරීක්ෂාවට ලක් කර තිබෙනවා.