බස් මගී ජනතාවද මහ පාරේ... ඉන්ධන නොමැති කමින් බස් ධාවනයද නවති...

Private buses Ceylon Petroleum Corporation Sri lankan sinhala news President of the Lanka Private Bus Owners Association Mr. Gemunu Wijeratne
By Subodha Apr 19, 2022 04:30 AM GMT
Subodha

Subodha

Report

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඩීසල් මිල ඉහළ දැමීමත් සමග ප්‍රදේශ රැසක පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වී තිබෙනවා.

කඩවත, කිරිල්ලවල, ගම්පහ, හලාවත ආදි බස් සේවාවන් සම්පුර්ණයෙන් ඇන හිට ඇති බව මගින් පවසනවා.

ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව විරෝධතාව පළ කිරීම සදහා ඔවුන් මෙලෙස බස් රථ ධාවනයෙන් ඉවත් වී ඇති බවටයි වාර්තා වන්නේ.

ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සදහන් කළේ අද (19) උදෑසන කාලයේ සිට දිවයිනේ ප්‍රදේශ රැසක පෞද්ගලික බස් රථ හිමියන් සිය ධාවන කටයුතුවලින් ඉවත් වී ඇති බවයි.

මේ අතර අද උදෑසන සිට ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව සහ ඉන්ධන ලබාදෙන ලෙස ඉල්ලා ප්‍රදේශ කිහිපයක විරෝධතා ද ආරම්භ කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
join now