බස් ගාස්තු අඩු කෙරේ - නව ගාස්තු විස්තර මෙන්න

Report

බස් ගාස්තුව සියයට 2කින් අඩු කිරීමට පියවර ගන්නා බව රජය විසින් අද (25) බස් සංගම් වෙත දැනුම්දී තිබෙනවා.

ප්‍රවාහන අමාත්‍යාංශයේ බලධාරීන් සහ බස් සංගම් අතර සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැති අතර එහිදී මේ බව දැනුම්දී ඇත.

රාජකාරි පැය 8 පැය 16 දක්වා සංශෝධනයක් ? දුමින්ද නාගමුව පවසයි.

රාජකාරි පැය 8 පැය 16 දක්වා සංශෝධනයක් ? දුමින්ද නාගමුව පවසයි.

මෙම හමුව සිදු වූයේ ජුලි 01 වනදා සිදුකිරීමට නියමිතට වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරී සඳහා ප්‍රවාහන බලධාරීන් සහ බස් සංගම් අතරයි. 

කෙසේවෙතත් බස් සංගම් රජයේ යෝජනාවට සිය අකමැත්ත පළකර ඇති බව සඳහන් ය.

දුම්රිය වර්ජනයක් අද

දුම්රිය වර්ජනයක් අද

යම් ලෙසකින් බස් ගාස්තුව 2%කින් අඩු කළහොත් පළමු සහ දෙවන ගාස්තුවල සංශෝධනයක් සිදුනොවනු ඇති අතර ඉන් ඉදිරියට පවතින ගාස්තුවල සංශෝධනයක් පමණක් සිදුවෙනු ඇත.