දුම්රිය වර්ජනයක් අද

Report

දුම්රිය මාර්ග හා සංඥා අංශයේ අධීක්ෂණ කළමනාකරුවන් ඇතුළු මාර්ග හා කර්මාන්ත තාක්ෂණික ශිල්පී සහයක සේවකයන් අද පස්වරු 4.30 සිට අසනීප නිවාඩු දමා පැය 48ක සංකේත වැඩ වර්ජනයක නිරත වන බව දුම්රිය මාර්ග අංශයේ තාක්ෂණික ශිල්පී සේවක සංගමයේ ලේකම් පී.ඩී.එච්.චතුරංග මහතා පවසනවා.

ඔහු පවසන්නේ දුම්රිය දෙපාර්තමේන්තුව තුල 10/2025 වැටුප් චක්‍රලේඛනය නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම අනිතිකව අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අහෝසි කිරීමට උත්සාහ දැරීම යන කරුණු වලට විරෝධය පල කරමින් මොවුන් මෙසේ අද පස්වරු 4.30 සිට 27 වන දින පෙරවරු 7.00 දක්වා අසනීප නිවාඩු දමා පය 48ක සංකේත වැඩ වර්ජ්ජනයක නිරත වන බවයි.

ඇමරිකාව ෆේල් ඇමරිකාවම කියයි - ඉරානයේ න්‍යෂ්ටික බලය පරිස්සමට තියෙනවා

ඇමරිකාව ෆේල් ඇමරිකාවම කියයි - ඉරානයේ න්‍යෂ්ටික බලය පරිස්සමට තියෙනවා

මෙම වැඩවර්ජනය සඳහා මාර්ගා අංශයේ තාක්ෂණික කාර්ය මණ්ඩලය , මාර්ග පරික්ෂාවේ යෙදෙන සේවක පිරිස , හරස් මාර්ග ගේට්ටුකරුවන් සහ ආවරණ කටයුතු සිදු කරන ගේට්ටු ක්‍රියාකරුවන් එක්වනවා.

දුම්රිය මාර්ග අංශයේ තාක්ෂණ ශිල්පී සේවක සංගමයේ ලේකම් පවසන්නේ මේ සඳහා නිවැරදි තීරණයක් ලබා දීමට පාලනාධිකාරිය අපොහොසත් වුවහොත් ඉදිරියේදී දීර්ඝකාලීන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට පිවිසීමට තීරණය කර ඇති බවයි. 

ඊශ්‍රායල් ප්‍රහාර වලින් ඉරානයේ 606ක් මරුට

ඊශ්‍රායල් ප්‍රහාර වලින් ඉරානයේ 606ක් මරුට