එක්කෝ 3% කට වැඩි බස් ගාස්තුවක් නැත්තම් ඉන්ධන සහනාධාරයක් - තීරණය හෙට
බස් ගාස්තු ඉහළ දැමීමක් හෝ ඉන්ධන සහනාධාරයක් සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යවරයා සමඟ හෙට (04) දින සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ඒකාබද්ධ ප්‍රවාහන වෘත්තිකයන්ගේ සමිති මධ්‍යස්ථානයේ සභාපති සම්පත් රණසිංහ මහතා අද (03) දින සඳහන් කළා.
ඒ අනුව ඔහු ප්‍රකාශ කළේ පෞද්ගලික බස්හිමියන්ගේ සංගම් සහ පළාත් බස් සංගම් නියෝජිතයන් ප්‍රවාහන අමත්‍යංශයට හෙට දින පෙරවරුවේ යෑමට නියමිත බවයි.
එසේම එහිදී ප්‍රවාහන අමාත්‍යවරයා සමඟ සාකච්චා කිරීමේ අවස්ථාව ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් පවසා ඇත.
තවද එහිදී මෙම මාසය සඳහා 3% කට වැඩි බස් ගාස්තු ඉහළ දැමීමක් හෝ ඉන්ධන සහනාධාරයක් යෝජනා කරන බවත් සියලු දෙනාගේ එකඟත්වය ලැබෙන වඩාත් පිළිගත හැකි අවස්ථාව තෝරාගන්නා බවත් සභාපතිවරයා පැවසුවා.
ඊට අමතරව ඔහු කියා සිටියේ ඉන්ධන මිල ඉහළ යෑමෙන් බස්රථ හිමියන්ගේ පිරිවැය ඉහළ ගිය විට එම පිරිවැය බස් මඟියා හෝ රජය භාරගත යුතු බවයි.
බස්හිමියන් ව්‍යාපාරිකයන් බැවින් එම පාඩුව දරාගැනීමේ හැකියාවක් නොමැති බව ද සම්පත් රණසිංහ මහතා සඳහන් කළා.
එමෙන්ම බස් රථවලට ඉන්ධන ගැනීමට මේ වන විටත් QR කේතය ක්‍රියාත්මක වීම හේතුවෙන් ඉන්ධන සහනාධාරයක් ක්‍රියාත්මක කිරීමට කිසිඳු බාධාවක් නොමැති බවත් රජය ඉන්ධන සහනාධාරයක් දුනහොත් මගී ජනතාවට සහනයක් සැළසෙන බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.
කෙසේ වෙතත් ඔටෝ ඩීසල් ලීටරයක මිල ඉකුත් මැයි මස රුපියල් 10 කින් සහ මෙම මස රුපියල් 15 කින් ඉහළ දැමීමත් සමඟ මේ වන විට රුපියල් 25 කින් ඉහළ ගොස් ඇත.