අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ඇතුළු සියලුම ද්‍රව්‍යවල මිල ගණන් 10% න් වැඩි වෙන බවට අනතුරු ඇඟවීමක්

Report

බහලුම් ගාස්තු 5% නැවත ඉහළ යාම, ඩොලරයේ අගය වැඩිවීම සහ රක්ෂණ ගාස්තු ආදි අනෙකුත් සියලුම වියදම් සැලකිල්ලට ගැනීමේදී පිටරටින් ගෙන්වන අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ඇතුළු සියලුම ද්‍රව්‍යවල මිල ගණන් 10% වැඩි වන බව අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් පී. සුබ්‍රමනියම් ප්‍රකාශ කරන බව වාර්තා වේ.

ඒ අනුව පවතින තත්ත්වය හමුවේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාම කිසිවකුට පාලනය කළ නොහැකි බව ද ඔහු දන්වා ඇති බව සඳහන්.

එමෙන්ම මේ මාසයේ සිට පැසිෆික් සාගරයේ සිට මහද්වීප හරහා ඇතිවන එල්නිනෝ තත්ත්වය හමුවේ ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවක් අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය අපනයනයට යම් යම් සීමාවන් පැනවීම් නිසා පිටරටින් ආහාර ද්‍රව්‍ය ගෙන ඒමේ අර්බුදයක් මතුවිය හැකි බවද සෙසු ආනයනකරුවෝ පෙන්වා දෙයි.

අනිද්දා සිට ලිට්‍රෝ ගෑස් මිලෙත් සංශෝධනයක්..දිවයිනටම දැනුම්දීමක්

අනිද්දා සිට ලිට්‍රෝ ගෑස් මිලෙත් සංශෝධනයක්..දිවයිනටම දැනුම්දීමක්

ඒ අනුව ඔවුන් වැඩිදුරටත් අනතුරු අඟවා ඇත්තේ කාලගුණික සහ දේශගුණික විපර්යාස, මැදපෙරදිග යුදමය වාතාවරණය මෙන්ම ඉන්ධන මිල වැඩිවීම, රුපියල පිරිහීම වැනි තත්ත්වයන් හමුවේ දැන් සිටම ඊට මුහුණදීමට සැලසුම්සහගත වැඩපිළිවෙළක් සකස් නොකළහොත් අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය මිල කොතැනකින් නතරවේදැයි කිව නොහැකි බවටයි.

රත්තරන් අඩුවට ගත්ත කාලේ ඉවරයි - උඩුයටිකුරු වූ අද රන් මිල මෙන්න

රත්තරන් අඩුවට ගත්ත කාලේ ඉවරයි - උඩුයටිකුරු වූ අද රන් මිල මෙන්න

ලබන අගෝස්තු වනවිට ඉන්ධන මිල උපරිමයට යන ලකුණු - තෙල් සමාගමකින් අනතුරු ඇඟවීමක්

ලබන අගෝස්තු වනවිට ඉන්ධන මිල උපරිමයට යන ලකුණු - තෙල් සමාගමකින් අනතුරු ඇඟවීමක්