මගීන් 23 දෙනෙක්ව මරාගත්ත අනතුර.. - වගකිව යුත්තේ RDA හා කතරගම ඩිපෝවයි

Report

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරකින් මගීන් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් 60 දෙනෙකුට තුවාල සිදුවිය. මෙම අනතුරට වගකිව යුත්තේ කතරගම ඩිපෝව සහ මාර්ග සංවර්ධන අධිකාරිය බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරික්ෂණ වාර්තාවකින් නිර්දේශ කර තිබේ.

මෙම අනතුරට ප්‍රධාන හේතුව රියදුරුගේ අවිවේකී බව සහ ඔහුට නිමේෂයකින් නින්ද යාම බව පරීක්ෂණ කමිටුව නිගමනය කර ඇති නමුත්, අනතුරේ සම්පූර්ණ වගකීම රියදුරුට පමණක් පැටවිය නොහැකි බව වාර්තාව අවධාරණය කරයි.

"මම එයාගේ මූණ බලන්නෑ.. කාලකණ්නි නිළියෝ" - මාලනී බලන්න ආ කුමාර ආවේගශීලි වෙයි

"මම එයාගේ මූණ බලන්නෑ.. කාලකණ්නි නිළියෝ" - මාලනී බලන්න ආ කුමාර ආවේගශීලි වෙයි

පසුගිය මැයි 11 වැනිදා අලුයම කොත්මලේ, ගැරඬිඇල්ලේදී සිදුවූ මෙම අනතුර සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් පත් කරන ලද මෝටර් වාහන පරීක්ෂකවරුන් හයදෙනකුගෙන් යුත් කමිටුවක් සිය පරික්ෂණ වාර්තාව මැයි 27 වැනිදා ප්‍රවාහන අමාත්‍යාංශයට භාර දී ඇත.

 බස් රථයේ අලුත්වැඩියාවන් අක්‍රමවත්ව සහ ප්‍රමිතියෙන් තොරව සිදුකිරීම අනතුරෙන් සිදුවූ හානිය බරපතළ වීමට ප්‍රධාන හේතුවක් වී ඇති බව කමිටුව පෙන්වා දෙයි. 2023 වසරේදී කතරගම ඩිපෝව විසින් මෙම බස් රථය අලුත්වැඩියා කර ඇති නමුත්, ඒ සඳහා පළපුරුදු කාර්මිකයන් යොදවා නොමැති බවත්, බසයේ බොඩියේ තහඩු ගලවා සැකිල්ල අලුත්වැඩියා කිරීමට නව තහඩු භාවිත කර නොමැති බවත් වාර්තාවෙන් හෙළි වී ඇත.

'Pornhub' වැරැද්ද පිළිගනී.. - ලොව පුරා ජනප්‍රිය වැඩිහිටි අන්තර්ගත වෙබ් අඩවි 4ට වැඩ වරදී

'Pornhub' වැරැද්ද පිළිගනී.. - ලොව පුරා ජනප්‍රිය වැඩිහිටි අන්තර්ගත වෙබ් අඩවි 4ට වැඩ වරදී

බසයේ සැකිල්ලේ කණු බොහොමයක් තට්ටුව ආසන්නයෙන් දිරාගොස් තිබූ අතර, මේ හේතුවෙන් සැකිල්ලේ ශක්තිය මෙන්ම බසයේ සමස්ත ශක්තිය ද හීන වී ඇති බව කමිටුව සඳහන් කරයි.

"මම එයාගේ මූණ බලන්නෑ.. කාලකණ්නි නිළියෝ" - මාලනී බලන්න ආ කුමාර ආවේගශීලි වෙයි

"මම එයාගේ මූණ බලන්නෑ.. කාලකණ්නි නිළියෝ" - මාලනී බලන්න ආ කුමාර ආවේගශීලි වෙයි

එසේම, අනතුර සිදුවූ ස්ථානය මාර්ග සංවර්ධන අධිකාරියේ බල සීමාව තුළ පිහිටි අතර, 2022 වසරෙන් පසු එම ස්ථානයේ දෙපස ලෑලි වෙළෙඳසල් දෙකකට අවසර ලබාදී ඇති බවත්, එම වෙළෙඳසල් හිමියන් විසින් තම ව්‍යාපාරික ස්ථානවලට පැමිණෙන පාරිභෝගිකයන්ගේ පහසුව සඳහා එම ස්ථානයේ තිබූ ගස් සහ පස් ගොඩැලි ඉවත් කර සමතලා කර තිබූ බවත් වාර්තාව පෙන්වා දෙයි. මෙම තත්ත්වය බස් රථය පෙරළී යාමට තවත් හේතුවක් බව කමිටුව නිර්දේශ කර ඇත.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන ලෙසද කමිටුව යෝජනා කර තිබේ. 

අවසන් හුස්ම යන තුරු මාලනීව ආදරයෙන් බලාගත්ත ආදරණීය කලාකරුවා..අවසන් මොහොතෙත් ඔහුව හොයලා

අවසන් හුස්ම යන තුරු මාලනීව ආදරයෙන් බලාගත්ත ආදරණීය කලාකරුවා..අවසන් මොහොතෙත් ඔහුව හොයලා