අයවැයට මොකක් වෙයි ද?. ජනපති අනුරගෙන් විශේෂ ප්‍රකාශයක් මෙන්න..

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ ඉදිරියේ දී හොඳ අයවැයක් ඉදිරිපත් කිරීම සඳහා ආර්ථික උපදේශකයෙකු ඇතුළු මුදල් අමාත්‍යංශ නිලධාරීන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරමින් සිටින බවයි.

ඉදිරි පැය 36 ගැන අනතුරු ඇඟවීමක් මෙන්න.. පරිස්සමෙන්..

ඉදිරි පැය 36 ගැන අනතුරු ඇඟවීමක් මෙන්න.. පරිස්සමෙන්..

දිය නෑමට ගිය තරුණයෙක්ට වුණ ඇබැද්දිය..

දිය නෑමට ගිය තරුණයෙක්ට වුණ ඇබැද්දිය..


ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, අද (26) පස්වරුවේ රත්නපුරයේ පැවති ජන රැලියක් අමතමින් ය.

එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ මෙවැන්නකී,

"අපේ අර්ථික උපදේශකවරයෙක් ඇතුළු මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් එක්සත් ජනපදයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා පවත්වමින් තිබෙනවා.වඩාත් යහපත් අයවැය ලේඛනයක් සකස් කරගැනීම සඳහා.අපේ යෝජනා පිළිබඳව. අපිට කිව්වේ මොකක්ද?. දාලා යයි, ගෑස් පුපුරයි, තෙල් පෝලිම් එයි කියලා. අපි ඒ කිසිවක් සිදුවෙන්න ඉඩනොදී රට යථා තත්ත්වයට පත්කරලා තියෙනවා.."