ශිරන්තිගේ නමට කෝටි 40ක නිවසක් - අල්ලස් කොමිසමෙන් විශේෂ විමර්ශන

Report

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ නමට මිලදී ගත් බව කියන, කොළඹ 05, ටොරින්ටන් මාවතේ පිහිටි රුපියල් ලක්ෂ 4000ක් (කෝටි 40ක්) පමණ වටිනා නිවසක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත්ව ඇති බව වාර්තා වේ.

ඒ අනුව අඳාළ පැමිණිල්ල සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු විසින් ඉදිරිපත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මේ වන විටත් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

එමෙන්ම පැමිණිල්ලට අදාළව කරුණු තහවුරු කර ගැනීම වෙනුවෙන් කොමිසම මඟින් මේ වන විටත් පැමිණිලිකරුගෙන් වැඩිදුර ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

සමාජ මාධ්‍ය උණුසුම් කරමින් බන්ධනාගාර අධීක්ෂණ කමිටුවට ස්ටෙෆනි පත්වෙයි

සමාජ මාධ්‍ය උණුසුම් කරමින් බන්ධනාගාර අධීක්ෂණ කමිටුවට ස්ටෙෆනි පත්වෙයි

එසේම විමර්ශනවල මීළඟ පියවර වශයෙන් ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් ද ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බව සඳහන්.

කෙසේ වෙතත් පැමිණිලිකරු පෙන්වා දෙන්නේ 2001 වසරේ සිට මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වන තෙක්ම සිය පවුලේ පිරිස සමඟ මෙම නිවසේ පදිංචිව සිට ඇති බවයි.

අනතුරුව ඔහු ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව අදාළ නිවස ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ නමට මිලදී ගෙන ඇති බවත් පැමිණිල්ලේ සඳහන්.

මේ අතර එම නිවස මිලදී ගැනීම සඳහා වැය කළ අරමුදල් සපයා ගැනීම සම්බන්ධයෙන් බරපතළ සැකයක් පවතින බැවින්, ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන මෙන් පැමිණිලිකරු අල්ලස් කොමිසමෙන් ඉල්ලා තිබෙනවා.

සියලුම දෙනාට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

සියලුම දෙනාට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

ට්‍රම්ප් සීමාව ඉක්මවයි - ලෝකෙම හෙල්ලෙන 100%ක බද්දක්

ට්‍රම්ප් සීමාව ඉක්මවයි - ලෝකෙම හෙල්ලෙන 100%ක බද්දක්