චාමරගේ විදෙස් ගමන් තහනම ගැන අල්ලස් කොමිසමේ ස්ථාවරය දැනුම්දෙන්නැයි නියෝග

Report

දූෂණ චෝදනා එල්ල වී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස ඉල්ලා ඒ මහතාගේ නීතිඥවරු විසින් ගොනු කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් ලබන 12 වනදා සිය ස්ථාවරය ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (05) අල්ලස් කොමිසමට නියම කර තිබේ .

මෙම ඉල්ලීමට අදාළ මෝසම අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබ තිබේ.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම සම්බන්ධ නඩුව සතිපතා විභාගයට

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම සම්බන්ධ නඩුව සතිපතා විභාගයට

එහිදී සැකකාර චාමර සම්පත් දසනායක මහතා වෙනුවෙන් නීතිඥ අජිත් වික්‍රමසිංහ මහතා සමග පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායකයට චීනයේ සංචාරය කිරීමට අවශ්‍ය වී තිබෙන බවත් ඒ අනුව අධිකරණය මගින් පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කිරීමේ නියෝගයක් නිකුත් කරන ඉල්ලා සිටියි .

එම ඉල්ලීම සලකා බැලු මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ මෙම මෝසම ලබන 12 වනදා යළි කැඳවන ලෙස නියෝග කළ අතර එදින මෙම ඉල්ලීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ ස්ථාවරය ඉදිරිපත් කරන ලෙසයි.

''ආර්ථිකය ගැන හොදට දන්න විපක්ෂෙ අය කතා කරන්නේ නෑ ඒ ගොල්ලො දන්නවා ආර්ථිකය හොදට දුවනව කියලා'' නි.ඇමති චතුරංග පාර්ලිමේන්තුව දෙවනත් කරයි

''ආර්ථිකය ගැන හොදට දන්න විපක්ෂෙ අය කතා කරන්නේ නෑ ඒ ගොල්ලො දන්නවා ආර්ථිකය හොදට දුවනව කියලා'' නි.ඇමති චතුරංග පාර්ලිමේන්තුව දෙවනත් කරයි