මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම සම්බන්ධ නඩුව සතිපතා විභාගයට

Report

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම සම්බන්ධ නඩුව ලබන 8 වනදා සිට සතිපතා විභාග කිරීමට තීරණය කර තිබේ.

 මෙම නඩුව මීට පෙර විභාග කෙරුණේ නාමල් බලල්ලේ,මහේන් වීරමන් සහ සුජීව නිශ්ශංක යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේය .

එහෙත් එක් විනිසුරුවරයෙකු විශ්‍රාම යාම හා තවත් විනිසුරුවරයෙකු වැඩ තහනමට ලක්වීම නිසා නඩු විභාගය මාස ගණනාවක් අඩාල වී තිබුණි.

මේ හේතුවෙන් නයනා සෙනෙවිරත්න, නලින් හේවාවසම් සහ ලක්මාලි හේවාවසම් යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත නව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල පත්කරන ලදි .

ඔවුන් ඉදිරියේ මෙම නඩුව ඊයේ විභාගයට ගැනුණේ කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අමාත්‍ය ධුරය දැරූ සමයේ පදිංචිව සිටි නිල සිවසේ ස්ථාපිත කර තිබෙන අධිකරණයක වීම විශේෂත්වයකි .

එම නඩුව ලබන 08 වනදා සිට සතිපතා විභාගයට ගැනීමට නියම කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සාක්ෂිකරුවන් දෙදෙනෙකුට මීළඟ දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කරන ලෙස ද නියෝග කරන ලදි .