''ආර්ථිකය ගැන හොදට දන්න විපක්ෂෙ අය කතා කරන්නේ නෑ ඒ ගොල්ලො දන්නවා ආර්ථිකය හොදට දුවනව කියලා'' නි.ඇමති චතුරංග පාර්ලිමේන්තුව දෙවනත් කරයි
ජනතාව අපිට වරමක් දුන්නා මේරට මීට කළින් තිබුන දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න කියලා නමුත් ඒ නිසා ප්‍රාදේශීය රාජ්‍ය යාන්ත්‍රනයට බලපෑම් කරගන දේශපාලනය කරපු අය අමාරුවෙ වැටිලා තියනවා යනුවෙන් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ ප්‍රකාශ කර තිබේ.
මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් එතුමා තව දුරටත් සදහන් කළේ මෙවන් අදහසක්
'' මේ රට බංකොළොත් කරලා ආර්ථිකය කළමණාකරනය කරගන්න බැරුව රටක් වශයෙන් ගත්තොත් අකාර්‍යක්ෂම රාජ්‍ය සේවයක් බිහි කරලා අපේ කරේ තිබ්බ රට අපි කෙමින් කෙමින් ශක්තිමත්ව ඉස්සරහට අරගන යනවා . ජනතාව අපිට වරමක් දුන්නා මේරට මීට කළින් තිබුන දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න කියලා. ප්‍රාදේශීය රාජ්‍ය යාන්ත්‍රනයට බලපෑම් කරගන දේශපාලනය කරපු අය අමාරුවෙ වැටිලා තියනවා . ඒ ගොල්ලන්නට ගම්වල දිස්ත්‍රික්කවල බලය අහිමි වෙලා තියනවා. අලුත් දේශපාලන සංස්කෘතියක් බිහි කරගන්නත් බෑ සදා විපක්ෂයේ තමයි .
කොහොමත් ඔයාලට මේක හොලවන්න වෙන් නෑ ආර්ථිකයේ ස්ථාවරත්වයකට අපි යමින් ඉන්නවා . ජාත්‍යන්තර නීතියට අනුගතව රටේ ස්වෛරී භාවය අනුව වරාය පනත සංශෝදනය කරලා ඉදිරියට ගෙනයන්වා. ආර්ථිකය ගැන හොදට දන්න විපක්ෂෙ අය කතා කරන්නේ නෑ ඒ ගොල්ලො දන්නවා ආර්ථිකය හොදට දුවනව කියලා ඒවගේම5% ක ආර්ථික වර්ධනයක් අරගන 2025 සියළුම නිර්ණායක බිද දමලා තියනවා . ඒ වගේම බඩුමිල වැඩිවෙලා කියලා කෑගහනවා ඒ වුනාට ගිය අවුරුද්දේ උද්ධමනය 2.2 යි . තව ආයෝජන සදහා ණය ගැනීම් 26 % කින් වැඩිවෙලා තියනවා ආර්ථිකය පිමි පනිමින් ඉදිරියට එනවා. 2024 මෙහෙම තත්වයක් තිබුණේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ රට බංකොලොත් කරන කොට රාජ්‍ය ආදායම 8.2 දැන් 16.6 කට අපි ගෙනල්ලා තියනවා .
ඒ වගේම මීට කළින් රටේ වෙච්ච වංචා දූෂන වලට මැති ඇමතිවරු වගේම දේශපාලන යාන්ත්‍රණයත් සම්බන්ධයි''