රාජිතගේ විමර්ශන අවසන් - අධි චෝදනා ගොනු කරන බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දෙයි

Report

කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් සිදුකළේ යැයි කියන දූෂණ චෝදනාව සම්බන්ධයෙන් හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න සහ ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ යන මහත්වරුන්ට එරෙහිව සිදුකළ විමර්ශන කටයුතු අවසන් බැවින්, ඔවුන්ට විරුද්ධව මහාධිකරණයේ අධි චෝදනා ගොනු කිරීමට කටයුතු කරන බව අල්ලස් කොමිසම අද (10) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ දන්වා සිටියේය.

සිද්ධියට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකරුවන් දෙදෙනාද අධිකරණයේ පෙනී සිටි අතර, අල්ලස් කොමිසම එහිදී කරුණු දක්වමින් කියා සිටියේ විමර්ශන නිමවා ඇති බැවින් ඉදිරියේදී අධි චෝදනා ගොනු කිරීමට නියමිත බවයි.

බන්ධ නිලධාරින්ට දුන් දස වද සියල්ල මරණ පරීක්ෂණයෙන් එළියට - ගුද මාර්ගයේ කොසු මිටවල් ලිංගික අවයවවලට හැඩි හානි

බන්ධ නිලධාරින්ට දුන් දස වද සියල්ල මරණ පරීක්ෂණයෙන් එළියට - ගුද මාර්ගයේ කොසු මිටවල් ලිංගික අවයවවලට හැඩි හානි

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් දෙදෙනා මේ වන විට ඇප මත මුදාහැර සිටින අතර, අදාළ නඩුව ලබන දෙසැම්බර් මස 04 වැනිදා යළි කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

විශේෂ නිවේදනයක් - සති දෙකකට සියලුම පාසල් හා විශ්වවිද්‍යාල වසා දමන්න තත්ත්වය පාලනයෙන් තොරයි

විශේෂ නිවේදනයක් - සති දෙකකට සියලුම පාසල් හා විශ්වවිද්‍යාල වසා දමන්න තත්ත්වය පාලනයෙන් තොරයි