බන්ධ නිලධාරින්ට දුන් දස වද සියල්ල මරණ පරීක්ෂණයෙන් එළියට - ගුද මාර්ගයේ කොසු මිටවල් ලිංගික අවයවවලට හැඩි හානි

Report

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ දරුණු කැරැල්ල අතරතුර රැඳවියන් අතින් අමානුෂික ලෙස ඝාතනයට ලක් වූ බන්ධනාගාර නිලධාරීන්ගේ මරණ සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවලින් මුළු රටම කම්පා කරවන අතිශය සාහසික සහ ම්ලේච්ඡ තොරතුරු රැසක් මේ වන විට අනාවරණය වී තිබෙනවා.

අධිකරණ වෛද්‍ය නිලධාරීන් විසින් නිකුත් කර ඇති නිල වාර්තාවලට අනුව, ඝාතනයට ලක් වූ ජේලර් චන්ද්‍රවංශ මහතා ඇතුළු ආරක්ෂක නිලධාරීන් මියයාමට පෙර ඔවුන්ට දරාගත නොහැකි ම්ලේච්ඡ වධහිංසා පමුණුවා ඇති බව වෛද්‍ය විද්‍යාත්මකව සනාථ වී ඇති බවයි වාර්තා වෙන්නේ.

හිසට බරැති ගල් අතහැරලා! හිස්කබල් කුඩු පට්ටම් වෙලා!

මරණ පරීක්ෂණ වාර්තාවල දැක්වෙන පරිදි, කුපිත වූ විශාල රැඳවියන් පිරිසක් එකතු වී මෙම නිලධාරීන්ව වටකරගෙන ඔවුන්ගේ බඩ ප්‍රදේශයට, හිසට සහ ලිංගික ප්‍රදේශවලට පයින් ගසමින් අමානුෂික ලෙස සමූහ ප්‍රහාර එල්ල කර තිබෙනවා.

එපමණක් නොව, මෙම නිලධාරීන් ප්‍රහාර හමුවේ බිම වැටී සිහිසුන්ව සිටි අවස්ථාවේදී පවා, ඔවුන්ගේ හිස මතට බරැති විශාල ගල් අතහැරීම සහ ගල්වලින් දිගින් දිගටම පහරදීම සිදු කර තිබෙනවා.

ඒ හේතුවෙන් නිලධාරීන්ගේ හිස්කබල් මුළුමනින්ම පොඩිපට්ටම් වී මොළයට සිදු වූ දරුණු හානි මෙම මරණවලට සෘජුවම බලපා ඇති ප්‍රධාන සාධකය බවයි හෙළි වන්නේ.

ඇඟ කිලිපොලා යන ම්ලේච්ඡ වධහිංසා සිරුරු තුළ කොසු මිටි කෑලි

සියලු සීමාවන් ඉක්මවා යමින්, මියගිය නිලධාරීන්ගේ ගුද මාර්ග තුළට කොසු සහ ඉදල් මිටි වැනි දෘඩ උපකරණ බලහත්කාරයෙන් ඇතුල් කරමින් අතිශය නින්දිත සහ ම්ලේච්ඡ ලෙස වධහිංසා පමුණුවා ඇති බව වෛද්‍ය වාර්තාවල සවිස්තරාත්මකව සඳහන් වෙන බවට ආරංචිමාර්ග ප්‍රකාශ කරයි.

තෝව අහුවුණොත් මරනවා එළියෙදී අහුවෙන්න එපා - රැඳවියන්ට එළියට එන්න නොදුන් නිලධාරියට මරණ තර්ජන - ගැටුම මෙහෙයපු සුරේෂ්ටත් රැඳවියන්ගෙන්ම ඇවිද ගන්න බැරි වෙන්නම අමානුෂික ප්‍රහාර

තෝව අහුවුණොත් මරනවා එළියෙදී අහුවෙන්න එපා - රැඳවියන්ට එළියට එන්න නොදුන් නිලධාරියට මරණ තර්ජන - ගැටුම මෙහෙයපු සුරේෂ්ටත් රැඳවියන්ගෙන්ම ඇවිද ගන්න බැරි වෙන්නම අමානුෂික ප්‍රහාර

මෙම ප්‍රහාරවල බරපතළකම කෙතරම්ද යත්, එලෙස රහස් ප්‍රදේශ තුළට බලහත්කාරයෙන් ඇතුල් කරන ලද කොසු මිටිවල කොටස් කිහිපයක් ශරීරය තුළදීම බිඳී ගුද මාර්ගය තුළ නතර වී තිබී ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදුකරන අවස්ථාවේදී එම බිඳුණු ලී කොටස් සිරුරු අභ්‍යන්තරයේ තිබී වෛද්‍යවරුන් විසින් සාක්ෂි සහිතව සොයාගෙන තිබෙනවා.

මෙම වෛද්‍ය වාර්තා මඟින් පැහැදිලි වන්නේ සිද්ධිය වූ දින රැඳවියන් සාමාන්‍ය නොසන්සුන්තාවයකින් ඔබ්බට ගොස්, තමන්ව පාලනය කිරීමට පැමිණි රාජකාරි නිලධාරීන්ගෙන් පළිගැනීමේ චේතනාවෙන්ම මෙලෙස දස වද දෙමින් සත්වයන්ටත් අන්ත ලෙස ඝාතනය කර ඇති බවයි.

මෙහි ඇත්ත නැත්ත කුමක් වුවත් බන්ධනාගාර ඉතිහාසයේ සිදු වූ මෙම අතිශය සාපරාධී සහ ලේ වැකි ක්‍රියාවට අදාළ මෙම පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා, ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ගවලදී  උපරිම දඬුවම් පැමිණවීම සඳහා වන අපරාධ විමර්ශන කටයුතුවලදී ප්‍රධානතම සාක්ෂි ලෙස භාවිත කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

අතුරුදන් වූ K2 ගුවන් යානයේ සුන්බුන් සාගර පත්ලේ - යානයේ ගමන් ගත් අය සොයා අඛණ්ඩ මෙහෙයුම්

අතුරුදන් වූ K2 ගුවන් යානයේ සුන්බුන් සාගර පත්ලේ - යානයේ ගමන් ගත් අය සොයා අඛණ්ඩ මෙහෙයුම්