පියයුරු පිළිකා වැඩිවීමක්. - කාන්තාවගේ සහ පිරිමින්ගේ පියයුරු පිළිකාව ලක්ෂණ. - බලන්න ඔබටත් තියෙනවද කියලා.

Report

ඔක්තෝම්බර් මාසය හඳුන්වන්නේ රෝස පැහැති මාසය ලෙසයි. ඒ පියයුරු පිළිකා ගැන දැනුවත් කිරීම සදහා විශේෂයෙන්ම නම් කර ඇති නිසාවෙන්.

කාන්තාවන් අතර සුලභම පිළිකාව පියයුරු පිළිකාව දක්නට ලැබෙන බවත්, ලොව පුරා වාර්ෂිකව මිලියන 2.3 ක් පමණ පියයුරු පිළිකා රෝගීන් වාර්තා වන බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ අතරින් 670,000 ක් පමණ ජීවිතක්ෂයට පත්වන බවත්, ශ්‍රී ලංකාවේ ද දිනකට නව රෝගීන් 15 ක් පමණ හදුනාගන්නා බවත් 3 දෙනෙකු පමණ මිය යන බවත් සඳහන්.

සති අන්තය වන විට හිතාගන්නවත් බැරි විදිහට ඉන්ධන මිල පහලට. - නව මිල ගණන් මෙන්න.

සති අන්තය වන විට හිතාගන්නවත් බැරි විදිහට ඉන්ධන මිල පහලට. - නව මිල ගණන් මෙන්න.


මේ අනුව වයස අවුරුදු 20 න් පසුව සෑම මසකම ස්වයං පියයුරු පරීක්ෂාවක් කර ගන්නා ලෙසත්, වයස අවුරුදු 20 – 40 අතර කෙනෙක් නම් වසර 3 කට වරක් හා අවුරුදු 40 කට වැඩිනම් සෑම වසරකදීම සායනික පියයුරු පරීක්ෂාවකට යොමු වන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම්දෙනවා.

ශ්‍රී ලංකා ජාතික පිළිකා ආයතනය පවසන පරිදි පියයුරු පිළිකා ප්‍රාථමික හෝ ද්වීතික විය හැකි අතර පිළිකාව මුලින්ම පියයුරු වල ඇති වූයේ නම් එය ප්‍රාථමික පියයුරු පිළිකාවකි.

දිවයින පුරා අනතුරුදායක තත්වය සමඟ එක්වරම පාසල් වසා දැමීමක්..තවත් දිනයක් වැඩිවෙයි. - වැසුණු පාසල් මෙන්න. - (UPDATE)

දිවයින පුරා අනතුරුදායක තත්වය සමඟ එක්වරම පාසල් වසා දැමීමක්..තවත් දිනයක් වැඩිවෙයි. - වැසුණු පාසල් මෙන්න. - (UPDATE)


ශරීරයේ වෙනත් තැනක ඇති වූ ගෙඩියක් පියයුරු වලට පැතිරී ඇත්නම් එය ද්වීතික පියයුරු පිළිකාවකි.

බොහෝ අවස්ථාවලදී ප්‍රාථමික පියයුරු පිළිකා ප්‍රතිකාරවලින් පසු නැවත හට ගැනීමක් සිදු නොවන අතර ඇතැම් කාන්තාවන්ගේ පිළිකා සෛල, ප්‍රාථමික පිළිකාවලින් වෙන්වී ගොස් රුධිර ප්‍රවාහය හෝ වසාවාහි පද්ධතිය මගින් ශරීරයෙ අනෙක් කොටස් වලට පැතිර යා හැකියි.

පියයුරු පිළිකාවක රෝග ලක්‍ෂණ.

?පියයුරු ආශ්‍රිත සම ඝන වීම

?සම මතුපිට වළ ගැසීම

?තන පුඩුව මත කුෂ්ඨ ඇතිවීම

?තන පුඩුවෙන් දියරයක් ගැලීම

?අසීරුවක් හෝ වේදනාවක් දැනීම

?තන පුඩුව ඇතුළට ගිලී යාම

?නහර මතු වීම

?ඉදිමීම

?සැරව සහිත තුවාල ඇතිවීම

?සම දොඩම් ලෙල්ලක ස්වරූපය ගැනීම

?පියයුරු වල ප්‍රමාණයෙ හෝ හැඩය වෙනස්වීම

?තද ගැටිති

?පියයුරුවල වේදනාව,

?සමේ ඇති වන වෙනස්කම්

මෙවැනි රෝග ලක්ෂණ ඇත්නම් වහා සුවනාරී,සායන, සුවදිවි සායන, පිළිකා කලින් හදුනා ගැනීමේ මධ්‍යස්ථාන, පියයුරු සායන, ශල්‍ය සායන, සදහා යොමු වන්න සහ වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර ලබාගන්න.

මේ ලේ වර්ග තියෙන අය දැඩි අවදානමක. - කොවිඩ් 19 එන්නත් ගැන අලුත්ම අනාවරණය මෙන්න.

මේ ලේ වර්ග තියෙන අය දැඩි අවදානමක. - කොවිඩ් 19 එන්නත් ගැන අලුත්ම අනාවරණය මෙන්න.


පියයුරු පිළිකාවක් වැළඳුණු පිරිමියෙකු තුළ දැකිය හැකි රෝග ලක්ෂණ.

?තන පුඩුව යට හෝ අන්තරාලයෙ ඇති වන වේදනා රහිත ගැටිති

?පියයුරු වල ප්‍රමාණය හෝ හැඩය වෙනස්වීම

?යටිකුරු වූ තන පුඩු

?තන පුඩුවේ කුෂ්ඨ ඇතිවීම

?තන පුඩුවෙන් රුධිරය වහනය වීම

?කිහිල්ල ඉදිමීම හෝ ගැටිති ඇතිවීම

?තන පුඩුව වටා තුවාලයක් හට ගැනීම


ශ්‍රී ලංකාව තුළ පුරුෂයන් පනස් දෙනෙකු පමණ වාර්ෂිකව පියයුරු පිළිකාවලට ගොදුරුවන බව සොයාගෙන තිබෙනවා.

මෙරට කලු දිලීර රෝගීන්ගේ වර්ධනයක්. - රෝගයේ භයානකකම ගැන දැනුම්දීමක්.

මෙරට කලු දිලීර රෝගීන්ගේ වර්ධනයක්. - රෝගයේ භයානකකම ගැන දැනුම්දීමක්.

ඇඟේ හිරිගඩුත් පිපුනා මේක දැකලා. - බිහිසුණු ගුවන් ගමනකින් ජීවිත 141ක් බේරාගත් ගුවන් නියමුවන්. - පැය ගානක් උඩු ගුවනේ සිදු වූ දේ. - (VIDEO)

ඇඟේ හිරිගඩුත් පිපුනා මේක දැකලා. - බිහිසුණු ගුවන් ගමනකින් ජීවිත 141ක් බේරාගත් ගුවන් නියමුවන්. - පැය ගානක් උඩු ගුවනේ සිදු වූ දේ. - (VIDEO)