හාරන්න හාරන්න මතුවෙන මිනිස් සිරුරු, චෙම්මනියෙන් හමු වූ අස්ථි ගණන ඉහළට
යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ පවතින සමූහ මිනිවළෙන් තවත් මිනිස් සිරුරු හතරකට අදාළ අස්ථි කොටස් හමුවී ඇති බව වාර්තා වේ.
ඒ අනුව කැණීම් නිලධාරීන් සඳහන් කළේ මෙම සමූහ මිනිවළේ සිව්වන අදියර යටතේ සිදුකළ කැනීම් තුළින් මෙම සිරුරු කොටස් සොයාගත් බවයි.
මේ අතර මෙම සමූහ මිනිවළේ කැනීම් තුළින් දැනට මිනිස් සිරුරු 115කට අදාළ අස්ථි කොටස් හමුවී තිබෙන බව සඳහන්.
ඉන් මිනිස් සිරුරු 102 කට අදාළ අස්ථි කොටස් ගොඩගෙන ඇති බව පවසයි.
එසේම සමූහ මිනිවළ තුළ සිව්වන අදියරේ කැණීම් කටයුතු දින 15ක් සිදුකිරීමට නියමිතව තිබෙනවා.
එමෙන්ම මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔස්සේ යාපනය මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ එම කැණීම් සිදු කර ඇති බව සඳහන්.