දේශබන්දුගේ දේපොල තහනමක්.. එක පෑන් පාරින් දිලින්දෙක් බවට..

Sri Lanka Police Law and Order Deshabandu Tennakoon
By Gagana News Mar 09, 2025 08:37 AM GMT
Gagana News

Gagana News

Report

දේශබන්දු තෙන්නකෝන් හිටපු පොලිස්පතිවරයා නීතියට භාර නොවන්නේ නම් ගත හැකි තවත් ක්‍රියා මාර්ග ඇතැයි මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල මහතා සඳහන් කරයි.

දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් යොදවා ඇතත් ඔහු තවදුරටත් සැඟවී සිටින බවද හෙතෙම පැවසීය.

ඒ අනුව අධිකරණ වරෙන්තුවක් මත සැඟවී සිටින පුද්ගලයකුත් සම්බන්ධයෙන් ඔහුගේ දේපොළ තහනමකට යාම සඳහා නීතියේ ප්‍රතිපාදන ඇති බවද ඔහු පැවසුවේය.


තමන්ගේ චංචල හා නිශ්චල දේපල ප්‍රමාණය රැක ගැනීමට අවශ්‍ය නම් සැඟවී සිටින ස්ථානයකින් පැමිණ බාර වන ලෙසද ඔහු ඉල්ලා සිටියේය. කොළඹ පැවැති උත්සව අවස්ථාවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයේ තවත් අයෙක් අත්අඩංගුවට!

මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයේ තවත් අයෙක් අත්අඩංගුවට!

  

ReeCha