මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයේ තවත් අයෙක් අත්අඩංගුවට!

Report

මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (08) සවස් කාලයේදී එම සැකකරු කුට්ටිගල පොලිස් වසමේ පදලංගල ප්‍රදේශයේදී මිද්දෙණිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

ඔහු මෙම වෙඩි තැබීමට ආධාර අනුබල දුන් සැකකරුවෙකු බව පොලිසිය ප්‍රකාශ කරන අතර අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 39ක් වන කුට්ටිගල, පදලංගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සෙව්වන්දි බෝට්ටුවකින් ඉන්දියාවට පළාගිහින්!

සෙව්වන්දි බෝට්ටුවකින් ඉන්දියාවට පළාගිහින්!

ඉකුත් 18වනදා සිදුකළ මෙම වෙඩිතැබීමෙන් අරුණ විදානගමගේ හෙවත් "කජ්ජා" සහ ඔහුගේ දරුවන් දෙදෙනා ඝාතනය වූ අතර ඒ අනුව මෙම අපරාධයට අදාළව මේ දක්වා සැකකරුවන් 11 දෙනෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මිද්දෙණිය පොලිසිය හා තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.   

ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් තරඟය අද

ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් තරඟය අද