වසර 43කට පසු කළු ජූලියේ සැඟවුණු තොරතුරු සොයයිද? - විශේෂ කාරක සභාවක් පිහිටුවීමේ යෝජනාව පාර්ලිමේන්තුවට
1983 වසරේ සිදුවූ කළු ජූලි ඛේදවාචකය සහ ඉන් ඇති වූ බලපෑම් පිළිබඳ පුළුල් අධ්‍යයනයක් සිදුකිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කිරීමේ යෝජනාවක් අද (03) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තණුර දිසානායක මහතා විසින් මෙම යෝජනාව සභාවට ඉදිරිපත් කර ඇති අතර, එය එම පක්ෂයේම පාර්ලිමේන්තු මන්ත්‍රී භාග්‍ය ශ්‍රී හේරත් මහතා විසින් ස්ථිර කරනු ලැබීය.
1983 කළු ජූලි සිදුවීම් පිළිබඳ සම්පූර්ණ අධ්‍යයනයක් සිදුකර ඒ සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කිරීම මෙම විශේෂ කාරක සභාව පත්කිරීමේ ප්‍රධාන අරමුණ වී තිබේ.
එමෙන්ම ජාතික සහජීවනය තහවුරු කිරීම සහ එම සිදුවීම් හේතුවෙන් පීඩාවට පත් පිරිස් වෙත සහන සැලසීම සම්බන්ධයෙන් අවශ්‍ය යෝජනා හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ද එම කාරක සභාවට පැවරීමට අපේක්ෂිත කාර්යභාරයන් අතර වේ.