වසර 3ක් ගතවෙලත් තරිඳුගේ නඩුවේ විමර්ශන අවසන් නැහැ - බොරැල්ල පොලිස් ස්ථානාධිපතිට අධිකරණයෙන් කැඳවීමක්

Report

මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගැනීමට අදාළ නඩුවේ මෙතෙක් චෝදනා ගොනු කිරීමට සහ විමර්ශනවල ප්‍රගතියක් අත්කර ගැනීමට පොලිසිය අසමත් වීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා බොරැල්ල පොලිස් ස්ථානාධිපතිවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (03) නියෝග කර තිබේ.

කොළඹ මහේස්ත්‍රාත් ලියාන් වරුෂවිතාන මහතා හමුවේ අද අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී, සිදුවීමට වසර තුනකට අධික කාලයක් ගතවී තිබියදීත් සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කිරීමට සහ විමර්ශනවල ප්‍රගතියක් අත්කර ගැනීමට පොලිසිය මෙතෙක් අසමත් වී ඇත්තේ කුමන හේතුවක් නිසාදැයි මහේස්ත්‍රාත්වරයා විමසා තිබේ.

එහිදී සැකකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හංසක වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත්තේ අද දිනයේ නඩුව අවසන් වරට කැඳවූ බවයි.

'මුරසු' සුළි කුණාටුවෙන් මුහුද කැළඹෙයි - ධීවරයන්ට සහ නාවිකයන්ට හදිසි අනතුරු ඇඟවීමක්

'මුරසු' සුළි කුණාටුවෙන් මුහුද කැළඹෙයි - ධීවරයන්ට සහ නාවිකයන්ට හදිසි අනතුරු ඇඟවීමක්

එමෙන්ම, සැකකරුවන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් නොකළහොත් ඔවුන් අදාළ නඩුවෙන් මුදාහැරීමට පියවර ගන්නා බව මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන් බව ද නීතිඥවරයා අධිකරණයට පෙන්වා දී තිබේ.

2023 ජූලි 28 වැනිදා බොරැල්ල ප්‍රදේශයේ පැවති වෘත්තීය සමිති විරෝධතාවක් වාර්තා කරමින් සිටියදී මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර මහතා බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. එම අවස්ථාවේදී නීති විරෝධී රැස්වීමක සාමාජිකයෙකු වීම සහ රජයේ නිලධාරියෙකුට සාපරාධී බලහත්කාරය පෑම යන චෝදනා මත ඔහු අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කර තිබුණි.

අදාළ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ආරම්භ කළ නඩුවට පසුව වෙනත් උද්ඝෝෂණයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ කම්කරු අරගල මධ්‍යස්ථානයේ දුමින්ද නාගමුව සහ නයනා රංජනී යන අය ද සැකකරුවන් ලෙස නම් කර තිබේ. ඔවුන් දෙදෙනා ද අද නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී සිට ඇත.

බදු අරගෙන වගා නොකළ ඉඩම්වලට වැඩ වරදියි - පුද්ගලයන් 135 දෙනෙකුගේ ඉඩම් යළි රජයට පවරා ගැනීමේ සූදානමක්

බදු අරගෙන වගා නොකළ ඉඩම්වලට වැඩ වරදියි - පුද්ගලයන් 135 දෙනෙකුගේ ඉඩම් යළි රජයට පවරා ගැනීමේ සූදානමක්

කෙසේ වෙතත්, අත්අඩංගුවට ගැනීමෙන් පසු 2023 ජූලි 29 වැනිදා අධිකරණයට ඉදිරිපත් කළ තරිඳු උඩුවරගෙදර මහතා එදිනම ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබුණි. මේ අතර, අත්අඩංගුවට ගැනීම සහ පොලිස් භාරයේදී පහරදීම සම්බන්ධයෙන් තරිඳු උඩුවරගෙදර මහතා බොරැල්ල පොලිසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබූ අතර, එම සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ද විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

වසර තුනකට අධික කාලයක් ගතවී තිබියදීත් නඩුවේ චෝදනා ගොනු කිරීම සහ විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් බොරැල්ල පොලිස් ස්ථානාධිපතිවරයාට අධිකරණය හමුවේ පෙනී සිට කරුණු පැහැදිලි කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.   

කන්ටේනර් 323යේ වාර්තාව ගැන අලුත් ආන්දෝලනයක් - විපක්ෂයට නොදන්වා මුද්‍රණයට යවලා

කන්ටේනර් 323යේ වාර්තාව ගැන අලුත් ආන්දෝලනයක් - විපක්ෂයට නොදන්වා මුද්‍රණයට යවලා