''මිරිස්කුඩු සම්ප්‍රදාය මීට කලිනුත් මේ පාර්ලිමේන්තුවේ අරගෙන ආවා'' - සුනිල් වටගලගෙන් සැර කතාවක් [VIDEO]

Report

අද (03) පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර උණුසුම් විවාදකාරී තත්ත්වයක් හටගෙන තිබේ.

එහිදී අදහස් දැක්වූ අමාත්‍ය සුනිල් වටගල අමාත්‍යවරයා විපක්ෂ නායකවරයාගේ ක්‍රියාකලාපය මෙන්ම පාර්ලිමේන්තුව තුළ ඇති වූ සිදුවීම් සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක අදහස් පළ කළේය.

එහිදී ඔහු වැඩිදුරටත් මෙලෙස සඳහන් කළේය.

"අපට හිතාගන්න බෑ මේ විනය. අපේ රටේ විපක්ෂ නායකයෙක් ඉන්නවා තමන්ගේ කණ්ඩායම හසුරුවගන්න බැහැ. ...සාක්ෂරතාවයෙන් පිරිපුන් ශ්‍රී ලංකාවක් කරා අපේ රටේ විපක්ෂ නායකයෙක් ඉන්නවා අඩුම තරමෙන් සභාවට සාධාරණත්වය කරන්න දන්නේ නැහැ. ගරු කථානායකතුමනි, මේ සභාගර්භයේ හිටපු සියලු පාසල් ශිෂ්‍යයින් මේ පාර්ලිමේන්තුවෙන් යන්න ගියා. ඇයි ඒ? මෙන්න මේ වැරදි සම්ප්‍රදාය, මිරිස්කුඩු සම්ප්‍රදාය මීට කලිනුත් මේ පාර්ලිමේන්තුවේ අරගෙන ආවා. අද මහජන ගැලරියේ එක පාසල් ශිෂ්‍යයෙක් නැහැ, ඒක තමයි ඇත්ත තත්ත්වය. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මේ ෆුට්නෝට් (Footnote) කල්ලියේ මිනිහෙක් මෙතෙන්ට දාලා, ෆුට්නෝට් කල්ලියේ හොරෙක් ඇවිල්ලා මේ පාර්ලිමේන්තුව හසුරුවන්න දෙන්න බැහැ. ගරු කථානායකතුමනි, මෙතන ඉන්නේ හොරු, වංචාකාරයෝ... දූෂිතයෝ මංපහරන්නෝ. මේ මංපහරන්නන්ට මේ පාර්ලිමේන්තුව යට කරන්න දෙනවද? ගරු කථානායකතුමනි, මේ පාර්ලිමේන්තුව ශීලාචාර පාර්ලිමේන්තුවක් කරන්න තමයි... ගරු කථානායකතුමනි, මේ පාර්ලිමේන්තුව ශීලාචාර පාර්ලිමේන්තුවක් කිරීම වෙනුවෙන් ආණ්ඩු පක්ෂය කැපවීමෙන් ඉන්නේ. අපි බිස්නස් කමිටියේදී (Business Committee) ඉතාම සදාචාරාත්මක ලෙස අපි බිස්නස් කමිටියේදී මේ අයට පෙන්වලා දුන්නා තමුන්වහන්සේලාගේ විශ්වාසභංගය නීති විරෝධී කියලා..."

කැලණිය සරසවියේ කාන්තා නේවාසිකාගාරයක කාමරයක ගින්නක්

කැලණිය සරසවියේ කාන්තා නේවාසිකාගාරයක කාමරයක ගින්නක්

වසර 3ක් ගතවෙලත් තරිඳුගේ නඩුවේ විමර්ශන අවසන් නැහැ - බොරැල්ල පොලිස් ස්ථානාධිපතිට අධිකරණයෙන් කැඳවීමක්

වසර 3ක් ගතවෙලත් තරිඳුගේ නඩුවේ විමර්ශන අවසන් නැහැ - බොරැල්ල පොලිස් ස්ථානාධිපතිට අධිකරණයෙන් කැඳවීමක්