ලංකාවේ ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් ඉහළට - ඇඟ කිලිපොළා යන වාර්තාවක් එළියට

Report

නවතම වාර්තා පෙන්වා දෙන්නේ 2026 වසරේ මුල් මාස හය ඇතුළත ශ්‍රී ලංකාවෙන් අලුතින් HIV ආසාදිතයන් 487 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන නිකුත් කළ බවයි.

මෙය පසුගිය 2025 වසරේ මුල් මාස හයට සැසඳීමේදී 13.3% ක ඉහළ යාමක් වන අතර අදාළ දත්ත අනුව, 2026 පළමු කාර්තුව තුළ අලුතින් ආසාදිතයන් 249 දෙනෙකු සහ දෙවන කාර්තුව තුළ ආසාදිතයන් 238 දෙනෙකු වාර්තා වී ඇත.

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම වෙතින් විශේෂ නිවේදනයක් - ගෑස් මිල ඇතුළු කරුණු රැසක් ගැන ලිට්‍රෝ අලෙවි නියෝජිතයන්ට දැනුම්දීමක්

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම වෙතින් විශේෂ නිවේදනයක් - ගෑස් මිල ඇතුළු කරුණු රැසක් ගැන ලිට්‍රෝ අලෙවි නියෝජිතයන්ට දැනුම්දීමක්

වැඩිදුරටත් වාර්තා වූයේ වාර්තා වූ ආසාදිතයන් අතරින් බහුතරය පිරිමි පුද්ගලයන් වන අතර, 2026 දෙවන කාර්තුවේදී පිරිමි සහ ගැහැණු ආසාදිතයන්ගේ අනුපාතය 7:1 ක් ලෙසයි. එමෙන්ම වයස අවුරුදු 15ත් 24ත් අතර තරුණ පිරිස් අතරින් මෙම වසරේ මුල් මාස හයේදී HIV ආසාදිතයන් 55 දෙනෙකු වාර්තා වී ඇති අතර, ඊට පිරිමි පුද්ගලයන් 48 දෙනෙකු, කාන්තාවන් 06 දෙනෙකු සහ එක් සංක්‍රාන්ති ලිංගික පුද්ගලයෙකු ඇතුළත් වේ.

තවද, 2026 වසරේ මුල් කාර්තු දෙක තුළ ඒඩ්ස් (AIDS) රෝගය හේතුවෙන් සිදුවූ මරණ 08 ක් වාර්තා වී ඇති අතර, එක් කාර්තුවකට මරණ 04 බැගින් වාර්තා වී ඇත.

ලාෆ්ස් ගෑස් භාවිතා කරන්නට සුභ ආරංචියක් - මඟ බලපු ලාෆ්ස් ගෑස් ලැබෙන දිනේ මෙන්න - ලාෆ්ස් ගෑස් සමාගමෙන් විශේෂ නිවේදනයක්

ලාෆ්ස් ගෑස් භාවිතා කරන්නට සුභ ආරංචියක් - මඟ බලපු ලාෆ්ස් ගෑස් ලැබෙන දිනේ මෙන්න - ලාෆ්ස් ගෑස් සමාගමෙන් විශේෂ නිවේදනයක්

මෙරටින් වාර්තා වූ සමස්ත ඒඩ්ස් මරණ සංඛ්‍යාව 820 දක්වා ඉහළ ගොස් ඇති අතර, තවත් මරණ 111 ක් ඒඩ්ස් නොවන හේතු මත සිදුවූ මරණ ලෙස වර්ගීකරණය කර ඇති බව සඳහන් වේ.

එමෙන්ම 2025 දක්වා වාර්තා වූ සමස්ත HIV ආසාදිතයන් අතුරින් සිදුවූ සංශෝධිත මරණ සංඛ්‍යාව 1,708ක් වේ. මවගෙන් දරුවාට එච්.අයි.වී. වෛරසය ප්‍රේෂණය වීම සම්බන්ධයෙන් සිදුවීම් 117 ක් වාර්තා වී ඇති නමුත්, 2025 වසරේ සිව්වන කාර්තුවේදී එවැනි කිසිදු සිදුවීමක් වාර්තා වී නැත.