මොකක්ද මේ එකපාරටම ලොකු ළූනු ගැන ගත්ත තීරණය?. මේ දැන් ලැබුණ ආරංචියක් මෙන්න.

Report

ලොකු ළූනු අපනයනයට පනවා තිබු තහනම ශ්‍රී ලංකාව සඳහා පමණක් ඉවත් කිරීමට ඉන්දියාව තීරණය කර තිබෙනවා.

මොකක්ද මේ එකපාරටම ලොකු ළූනු ගැන ගත්ත තීරණය?. මේ දැන් ලැබුණ ආරංචියක් මෙන්න. | Big Onion Export Ban Out Of India

ඒ අනුව ලොකු ළූනු මෙට්‍රික් ටොන් 10,000ක් දක්වා ශ්‍රී ලංකාවට අපනයනය කිරීමට මෙමගින් අවසර හිමි වනු ඇත.

ඉන්දියාව විසින් මෙම තීරණය ගෙන ඇත්තේ අලුත් අවුරුදු උත්සව සමය සැලකිල්ලට ගනිමින් ය.

ඉන්දියාවෙන් ලොකු ළූනු ගෙන්වීම සිදුකරන්නේ රාජ්‍ය අංශයෙන් ද නැත්නම් පෞද්ගලික අංශයෙන් ද යන්න හෙට තීරණය කරන බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය සඳහන් කළේ ය.

වෙනදා වගේ නෙමෙයි.. මෙදා සැරේ උත්සව සමය අවසන් වෙද්දිම එළවළු මිලට වුණ දෙය..

වෙනදා වගේ නෙමෙයි.. මෙදා සැරේ උත්සව සමය අවසන් වෙද්දිම එළවළු මිලට වුණ දෙය..


පසුගිය කාලයේ දී ලොකු ළූනු අපනයනය තහනම් කිරීමට ඉන්දියාව එළැඹි තීරණයත් සමග මෙරට ලොකු ළූනු මිල ගණන් ද ශීඝ්‍රයෙන් ඉහළ ගියේ ය.

පසුගිය මාර්තු මුල් සතිය වනවිට රුපියල් 400කට ආසන්නව පැවති ලොකු ළූනු කිලෝවක තොග මිල මාර්තු මස අවසන් වනවිට රුපියල් 600 ද ඉක්මවා තිබිණ.

කෙසේ වෙතත්, එහි සිල්ලර මිල රුපියල් 800කට ආසන්න අගයක් දක්වා ඉහළ ගියේ එම පසුබිම මතයි.