වෙනදා වගේ නෙමෙයි.. මෙදා සැරේ උත්සව සමය අවසන් වෙද්දිම එළවළු මිලට වුණ දෙය..
මේ වන විට එළවළු මිල සැලකිය යුතු ලෙස අඩු වී ඇති බව වාර්තා වේ.
සාමාන්‍යයෙන් උත්සව සමයෙන් පසු එළවළු මිල ඉහළ යන නමුත් මෙවර එම තත්ත්වය වෙනස් වී ඇති බව වෙළෙඳුන් පෙන්වා දෙයි.
පාරිභෝගිකයාට දැරිය නොහැකි මට්ටමට එළවළු සිල්ලර මිල අවස්ථා ගණනාවක දී ඉහළ ගිය ආකාරය දැකගන්නට ලැබිණ.
නමුත් උත්සව සමය අවසන් වීමත් සමග එළවළු මිල සැලකිය යුතු ලෙස අඩු වී ඇත.
කෙසේ වෙතත්, කොළඹ පිටකොටුවේ එළවළු සිල්ලර මිල සටහන් වූයේ මෙලෙසිනී,
තක්කාලි 250g - රුපියල් 40/-
බෝංචි 250g - රුපියල් 50/-
බණ්ඩක්කා 250g - රුපියල් 50/-
කැරට් 250g - රුපියල් 100/-