ලුණු කිලෝවක් රු 75 ට ගෙනත් දෙන්නේ 320, ඇමති වසන්තටත් ලොකු චෝදනාවක්
වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාට විරුද්ධව අද (30) දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
අඳාළ පැමිණිල්ල සිවිල් සංවිධාන කිහිපයක් මඟින් ඉදිරිපත් කර ඇති බව සඳහන්.
ඒ අනුව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාට මෙම පැමිණිල්ලෙන් චෝදනා කර ඇත්තේ ලුණු ආනයනයේ දී රුපියල් බිලියන ගණනක වංචාවක් සිදුව ඇති බවටයි.
එසේම එම සිවිල් සංවිධාන නියෝජිතයින් දක්වන්නේ රුපියල් 75කට පමණ ආනයනය කරන ලද ලුණු කිලෝග්‍රෑම් එකක් මේ වන විට වෙළඳපොලේ රුපියල් 320ක් වැනි වැඩි මිලකට අලෙවි වන බවයි.
ඒ අනුව ඔවුන් වැඩිදුරටත් අවධාරණය කළේ මේ තත්ත්වය මත ලුණු ආනයනය ඔස්සේ විශාල මූල්‍ය වංචාවක් සිදුව ඇති බවයි.