මහාචාර්ය මාලනීයත් යන්නම ගිහින් [PHOTO]

Report

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යන අංශයේ හිටපු අංශ ප්‍රධානී මහාචාර්ය මාලනී ඇඳගම මහත්මිය අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

මිය යන විට ඇයගේ වයස අවුරුදු 85ක් බව සඳහන්. මහාචාර්ය මාලනී ඇඳගම මහත්මිය ''ශ්‍රී ලංකාවේ ගම්සභා ක්‍රමයේ ඉතිහාසය” , ”ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය ” ආදී ග්‍රන්ථ රැසක් මෙරටට දායාද කළ මහාචාර්‍යවරියක් වේ.

හිටපු ඇමති නිමල් සිරිපාලගේ නිවසේ සේවිකාවක් ජීවිතක්ෂයට

හිටපු ඇමති නිමල් සිරිපාලගේ නිවසේ සේවිකාවක් ජීවිතක්ෂයට

එසේම ඇය ඉතිහාස විෂය ජාතික මට්ටමින් ඉගැන්වීමට ඇපකැපවූ මහාචාර්යවරියක් ලෙස ප්‍රකට වේ.

ඇය 80 දශකයේ ආරම්භයේ සරසවි දිවියට ඇතුළු වූ අතර මහාචාර්ය මාලනී ඇඳගම දශක හතරකට වැඩි කාලයක් ආචාර්ය, මහාචාර්ය තනතුරුවල නිරත වී තිබෙනවා.

ඉන් අනතුරුව විශ්වවිද්‍යාල සනාතන සභාව මඟින් ප්‍රදානය කරන සේවා සම්මානිත මහාචාර්ය පදවියෙන් ඇය පිදුම් ලබා ඇත.

ජපුරෙන් තීරණයක්, ආයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා නෑ

ජපුරෙන් තීරණයක්, ආයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා නෑ

මේ අතර ඇය වර්තමානයේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය අඛණ්ඩව ලියන මහාවංශ සම්පාදක මණ්ඩයලයේ ලේකම් තනතුර ද දරා ඇත.

මෙසේ රටට අනර්ඝ සේවයක් කළ ඇය ජීවිතයෙන් සමු ගෙන ඇත. 

හාල් හිඟයක් ඇති වෙන්න දෙන්නෙ නෑ, අරක්කු හදන්නත් හාල් ආනයනය කරන බව කියන ලාල්

හාල් හිඟයක් ඇති වෙන්න දෙන්නෙ නෑ, අරක්කු හදන්නත් හාල් ආනයනය කරන බව කියන ලාල්

මහාචාර්ය මාලනීයත් යන්නම ගිහින්  | Professor Malani Has Also Passed Away