ඖෂධ මිලදී ගැනීමට ලංසු කැඳවයි

Shehan
Report this article
ඖෂධ වර්ග කිහිපයක් සඳහා ජාත්‍යන්තර සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇත.
පිළිකා, අඩු රුධිර පරිමාව ප්‍රතිකාර සහ බැක්ටීරියා ආසාදන සඳහා ඖෂධ ගෙන්වීමට ලංසු කැඳවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බව අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය.
ඒ අනුව, අඩු රුධිර පරිමාව (hypovolemia) සහ රුධිරයේ ඇල්බියුමින් මට්ටම අඩුවීමට ප්‍රතිකාර කිරීමට යොදා ගන්නා හියුමන් ඇල්බියුමින් සොලියුෂන් 20% මිලිලීටර් 50 බෝතල් 340,000ක් සපයා ගැනීමට ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමක් සිදු කර තිබේ.
එසේම, ඇතැම් පිළිකා වර්ගවලට ප්‍රතිකාර කිරීම සඳහා භාවිත කරන ට්‍රස්ටුසුමැබ් එන්නත මිලිග්‍රෑම් 440න් මිලිලීටර් 20 ටයල් 18,000ක් මිලදී ගැනීමට ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා ඇති බව ඔහු පැවසීය.
