ට්‍රම්ප්ගේ තීරු බදු ගැන හොයන්න ජනපති අනුරගෙන් කමිටුවක්!

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවා ඇති නව අන්‍යෝන්‍ය තීරු බදු නිසා ඇති විය හැකි ගැටලු ගැඹුරින් විමර්ශනය කර රජයට යෝජනා ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කර තිබෙනවා. 

උඹල අපට බදු ගහනවා නම් අපිත් ඊට වඩා උඹලට බදු ගහනවා... ට්‍රම්ප් අනුරව හිර කරයි (VIDEO)

උඹල අපට බදු ගහනවා නම් අපිත් ඊට වඩා උඹලට බදු ගහනවා... ට්‍රම්ප් අනුරව හිර කරයි (VIDEO)

ඒ අනුව, මුදල් අමාත්‍යාංශයේ ලේකම්, මහ බැංකුවේ අධිපති, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් යන නිලධාරීන් මෙන්ම, ජනාධිපතිගේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්ති උපදේශක ශිරාන් ප්‍රනාන්දු සහ අෂ්රොෆ් ඔමාර්, ෂෙරාඩ් අමලීන්, සයිෆ් ජැෆර්ජී යන සාමාජිකයන් මෙම කමිටුවට නම් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.