හෙට රනිල් වෙනුවෙන් සියලු ජනතාව කොළඹට විපක්ෂයෙන් සැලසුමක් - මෙන්න විස්තරේ
හෙට දිනය රනිල් වික්‍රමසිංහ මහතාගේ නඩුව යළි විභාගයට ලක් කරන අතර එම අවස්ථාවට විපක්ෂය නියෝජනය කරන සියලු පක්ෂ හෙට (26) දිනයේ පක්ෂ පාට භේදයකින් තොරව කොළඹට රැස්වීමට තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක, අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
විපක්ෂයේ පක්ෂ රැසක සහභාගීත්වයෙන් අද (25) පැවති විශේෂ සාකච්ඡාවෙන් අනතුරුව දේශපාලන නියෝජිතයින් මාධ්‍ය වෙත අදහස් පළ කර කරමින් මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අකිල විරාජ් කාරියවසම් මහතා පවසා සිටියේ, රනිල් වික්‍රමසිංහ මහතාට ඇප ලබානොදීම තුළ පොලීසිය මුලික ඇප කොන්දේසි පවා සලකා බලා නොමැති බවය.
මේ අතර, එම අවස්ථාවේ වැඩිදුරටත් අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, දුමින්ද දිසානායක මහතා පවසා සිටියේ, ප්‍රජාතන්ත්‍රවාදයට ආදරය කරන සියලුදෙනා හෙට කොළඹ රැස්විය යුතු බවය.
එම අවස්තාවේදී අද සාකච්ඡාවේ දී කතා කරාද රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තු එන්න වරම් ලබාදෙන්න කවුරු හරි ඉවත්වෙලා? යනුවෙන් ඇසූ ප්‍රශ්නයකට දුමින්ද දිසානායක මහතා,
දුමින්ද දිසානායක මහතා, "අපේ එහෙම කාගේවත් බලාපොරොත්තුවක් නෑ. බය වෙන්න එපා. මම විශ්වාස කරනවා රනිල් වික්‍රමසිංහ මහත්තයාට නම් එහෙම වුවමනාවක් නැතුව ඇති. ඒත් අපිට හිතෙනවා මේ ප්‍රශ්නේ අහද්දි අපිට හිතෙනවා රනිල් පාර්ලිමේන්තු එනවාට බය ද කියලා. ආණ්ඩුවට අවුරුද්දක් යන්න කලින් විපක්ෂය මෙහෙම සමගි කරපු එකට ජනාධිපති අනුරට ස්තූතියි."
යනුවෙන් අදහස් දැක්වීය.