ශ්‍රි පාදස්ථානාධිපති හිමිගෙන් හදිසියේ විශේෂ ප්‍රකාශයක්..
Sri Lanka
Religion
Sripadaya
Bengamuwe dammadinna Himi
By Aruna
කොවිඩ් වෛරසය නැවත සිඝ්‍රයෙන් පැතිර යාම හේතුවෙන් ශ්‍රී පාදස්ථානය කරුණා නොකරන ලෙසට තමන් සඳහන් කළ බව ඇතැම් වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය වල මේ දිනවල ප්‍රචාරය වුවත් තමන් එවැනි ප්‍රකාශයක් කිසිදු මාධ්‍යකට ප්‍රකාශ නොකල බව ශ්‍රි පාදස්ථානාධිපති සබරගමු පලාත් ප්‍රධාන සංඝ නායක සහ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ධම්මදින්න නායක හිමියන් සඳහන් කළා.
උන් වහන්සේ මේ බව කියා සිටියේ අද (30) මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.
මේ අතර ශ්‍රි පාදස්ථානය කරුණා කිරිමේදි සෞඛ්‍ය අංශ විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් ශ්‍රි පාදස්ථානය කරුණා කරන ලෙස උන් වහන්සේ බැතිමතුන්ගෙන් ඉල්ලා සිටිනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |