අගමැතිනිය එන්න කලින් කතාව ඉවර කරලා මට යන්නැයි කිව්වා - කොටපිටියේ රාහුල හිමි

Sri Lanka Politician Harini Amarasuriya Latest Headlines Sinhala news
By Hashini May 26, 2025 06:53 AM GMT
Hashini

Hashini

Report

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාග්‍රී ධර්ම සභාවේ මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය කොටපිටියේ රාහුල හිමියෝ පවසන්නේ රටේ ආධ්‍යාත්මික සංවර්ධනයෙහිලා වසර 2500ක් තිස්සේ භික්ෂූන් වහන්සේලා සුවිශාල කාර්යභාරයක් ඉටු කළ බව රාජ රාජ මහාමාත්‍යාදීන් තේරුම් ගත්ත ද නූතන පාලකයන්ට එය තේරුම් ගැනීමට නොහැකි වී ඇති බවයි.

කාලයක් තිස්සේ මේ රටේ විහාරස්ථානවල සේවය සඳහා ත්‍රිවිද හමුදාවේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යොදවා තිබුණා. කනගාටුවෙන් වුණත් කියන්න ඕන අද අපට ඒ සේවය නෑ. මේක අපේ බලෙන්වත් හාමුදුරුවරු හිඟ කාලා ගත් එකක්වත් නෙමෙයි. වසර දෙදාස්පන්සියක් පුරා මේ ශාසනයට ලැබිච්චි වරප්‍රසාදයක්. අද ඒ වරප්‍රසාදය අපට අහිමි කරලා.

ගල්දූව ආරණ්‍ය සේනාසනේ සීමා මාලකය හදන්න බිලක් එවලා. මොනවාද මේ මෝඩ වැඩ. පහුගිය දවස්වල අගමැතිනිය එන සභාවක මට කතාවක් දාලා තිබුණා. මට කීවා අගමැතිනිය එන්න කලින් කතාව ඉවර කරලා යන්න කියලා. මම කතාව විනාඩි පහෙන් ඉවර කරලා ආවා. නමුත් අපේ රටේ භික්ෂූන් වහන්සේට, ආගමට, පන්සලට හිමි තැන ඒ විදිහටම සුරකින්න ඕන.”

උත්සව සභාවක් අමතමින් මහාචාර්ය කොටපිටියේ රාහුල හිමි මේ බව ප්‍රකාශ කළා.

සිය දිවි නසා ගත් විද්‍යා පීඨ සිසුවිය මියයන්න කලින් ඒ ගැන ගෙදරට කියලා?

සිය දිවි නසා ගත් විද්‍යා පීඨ සිසුවිය මියයන්න කලින් ඒ ගැන ගෙදරට කියලා?

හාල් මිල යළි ඉහළට

හාල් මිල යළි ඉහළට

ReeCha