සිය දිවි නසා ගත් විද්‍යා පීඨ සිසුවිය මියයන්න කලින් ඒ ගැන ගෙදරට කියලා?
ශිෂ්‍ය නේවාසිකාගාරයේදී ගෙල වැලලාගෙන මියගිය වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සිසුවියගේ මරණය ගෙල සිරවීමෙන් වූ මරණයක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වූ බව බිංගිරිය පොලිසිය පවසයි. මෙය සියදිවි නසාගැනීමක් බවට තහවුරු වී ඇති බවත් පොලිසිය පවසයි.
මෙලෙස සියදිවි නසාගෙන ඇත්තේ මහනුවර පුටුහපුව ප්‍රදේශයේ පදිංචිකාරිනියක වූ 23 හැවිරිදි සංජීවනී නම් සිසුවියකි. ඇය පසුගිය 23 වැනිදා තවත් සිසුවියන් කිහිපදෙනකු සමගින් හලාවත ප්‍රදේශයේ පාසලක ගුරු පුහුණු කටයුතුවල නිරතව සිට සවස විද්‍යාපීඨයේ නේවාසිකාගාරය වෙත පැමිණ ඇත. ඇය නවාතැන් ගන්නා නේවාසිකාගාර කාමරයට පසුව පැමිණි එම කාමරයේ අනෙක් නේවාසික සිසුවිය ඇය දොර විවෘත නොකිරීම නිසා අන් අයගේ සහාය ඇතිව දොර කඩා බැලීමේදී එම සිසුවිය ඇගේ සුදු සාරියෙන්ම කාමරයේ විදුලි පංකාවේ එල්ලී සිටිනු දැක ඇත.
වහාම ඇය බිංගිරිය දිසා රෝහල වෙත රැගෙන ගොස් එතැන් සිට හලාවත රෝහල වෙත මාරු කර යවා ඇති අතර ඒ අතරතුර මෙම සිසුවිය මියගොස් තිබිණි. මෙම සිසුවියගේ මරණය ගුරුවරුන්ගෙන් විඳින්නට සිදුවූ හිරිහැර මත සිදුව ඇති බවට චෝදනා කරමින් වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සිසු සිසුවියෝ පෙරේදා ( 24 වැනිදා ) රාත්‍රිය වනතුරුම විරෝධතාවක නිරත විය. එහිදී සිසුන් ඉල්ලා සිටියේ මේ සම්බන්ධයෙන් පීඨාධිපතිවරයා පැමිණ පිළිතුරක් දෙන තෙක් විරෝධතාව අත් නොහරින බවය. කෙසේ වෙතත් වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ පීඨාධිපතිවරයා පැමිණ ලබාදුන් පොරොන්දුවකින් පසු විරෝධතාව අත්හැරීමට සිසු සිසුවියෝ කටයුතු කළහ. මෙහිදී අදහස් දැක්වූ පීඨාධිපති ලාල් කුමාර මෙසේ කීවේය.
‘‘විද්‍යාපීඨවල තියෙන සම්ප්රදායක් විතරයි තියෙන්නේ. එහෙම නැතිව අපි මේ ළමයි පීඩාවට පත්කරන්නේ නැහැ. මේ මරණයට හේතුව පීඩනයද කියල කියන්න මට තොරතුරු නැහැ. හැබැයි ඒ ළමයා මැරෙන්න සති දෙකකට කලින් ගෙදර ගියා. එතකොට එයා අක්කලාට කියල තියෙනවා මට ජීවත් වෙන්න එපා වෙලා තියෙනවා ජීවත් වෙලා වැඩක් නැහැ කියලා. ළමයා කියල තියෙන්නේ ස්ට්‍රෙස් තියෙනවා කියලා.’’
