මඩකලපුව මාර්ගයේ යළි දුම්රිය ධාවනය අද සිට
මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය අද සිට යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ .
ඒ අනුව පොළොන්නරුව සහ මනම්පිටිය අතර ගල්ලෑල්ල ප්‍රදේශයේ මාර්ග කොටසකට ආපදා හේතුවෙන් හානි සිදු වීම හේතුවෙන් මඩකලපුව දක්වා දුම්රිය ධාවනය කිරීමට නොහැකි විය.
ඒ වගේම උතුරු දුම්රිය මාර්ගයේ කන්කසන්තුරය - අනුරාධපුරය අතර දුම්රිය ධාවනය ද අද යළි ආරම්භ වේ දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, යාල්රාණී දුම්රිය එලෙස ධාවනයට මෙලෙස එක් කරන බවයි.
තවද සෑම දිනකම කන්කසන්තුරයෙන් උදෑසන 6.00 ට ගමන් අරඹන දුම්රිය, පෙරවරු 10.17 ට අනුරාධපුරයට ළඟා වේ .
ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ අනුරාධපුරයෙන් නැවත පස්වරු 2.30 ට ගමන් ආරම්භ කරන දුම්රිය, පස්වරු 6.53 වන විට කන්සන්තුරයට ළඟාවීමට නියමිත බවයි.