මොනවද අනේ මේ වෙන්නේ?- මඩකලපුව අධිකරණයටත් බෝම්බ බියක්.- ලිපියක් මඟින් හෙළි වූ දේ මෙන්න.

Report

මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බව දන්වමින් ලියාපදිංචි තැපෑලෙන් ලැබී ඇති ලිපියක් පිළිබඳව පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, අනුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව සඳහන් කළේ මේ වනවිට මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට අවශ්‍ය පූර්ණ ආරක්ෂාව ලබාදී ඇති අතර අධිකරණ කටයුතු ද බාධාවකින් තොරව සිදු කෙරෙන බවයි.

මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බව දන්වමින් මහේස්ත්‍රාත්වරයාගේ නමට ඊයේ (24) පස්වරුවේ ලියාපදිංචි තැපෑලෙන් ලිපියක් ලැබී ඇත.

ආරක්ෂක රැකවල් මැද මහින්ද රාජපක්ෂ අද උදේම වැලිකඩට ආ හැටි. - (VIDEO)

ආරක්ෂක රැකවල් මැද මහින්ද රාජපක්ෂ අද උදේම වැලිකඩට ආ හැටි. - (VIDEO)

රාජ්‍ය අමාත්‍යවරු නොමැතිව මෙරට කැබිනට් මණ්ඩලයට 25 ක් කරයි.

රාජ්‍ය අමාත්‍යවරු නොමැතිව මෙරට කැබිනට් මණ්ඩලයට 25 ක් කරයි.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිසිය එම ලිපිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර මඩකලපුව මහේස්ත්‍රාත්වරයාගේ නමට යොමුකර තිබූ එම ලිපියේ දන්වා තිබුණේ අද (25) සහ 28 යන දිනවලදී මහේස්ත්‍රාත් අධිකරණයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බවයි.

එමෙන්ම පොලිසිය සිදුකළ විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ මෙම ලිපිය තැපැල් කර ඇත්තේ ව්‍යාජ ලිපිනයකින් බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මඩකලපුව කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ පුළුල් විමර්ශනයක්ද ක්‍රියාත්මක කර ඇති අතර ඒ අනුව අද පෙරවරුවේ අධිකරණ භූමියට පැමිණෙන පුද්ගලයින් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් සෝදිසි කළා.

කෙසේ වෙතත් සියලු ආරක්ෂක විධිවිධාන මේවනවිටත් යොදා ඇති අතර අධිකරණ කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසා ඇත්තේ.

මයික් එකෙන් ආවත් රන්ජන්ට පාර්ලිමේන්තුවේ අසුන් අහිමිවෙයි.? - අද ශ්‍රේෂ්ඨාධිකරණයට ලැබුණු දේ මෙන්න. - (VIDEO)

මයික් එකෙන් ආවත් රන්ජන්ට පාර්ලිමේන්තුවේ අසුන් අහිමිවෙයි.? - අද ශ්‍රේෂ්ඨාධිකරණයට ලැබුණු දේ මෙන්න. - (VIDEO)

කිලෝ එකක් රු. 50 -100යි.- වසර ගණනාවකට පසු එළවලු මිල ලෙල්ලටම බහි.

කිලෝ එකක් රු. 50 -100යි.- වසර ගණනාවකට පසු එළවලු මිල ලෙල්ලටම බහි.