බටලන්ද රිවස්ද? - මාලිමා ආණ්ඩුව මත කඩා පාත් වූ බටලන්ද!
බටලන්ද කොමිසන් සභා වාර්තාව පිළිබඳ නැවත ඇති වූ විවාදය සහ එහි දේශපාලන ගැටුම්වල ප්‍රතිඵල ගැන බොහෝ දෙනා කල්පනා කරනවා. රනිල් වික්‍රමසිංහ මහතාට එය බලපාන ආකාරය ගැන පෙර ලිපියකින් සාකච්ඡා කළා. මෙවර, මාලිමා එහෙමත් නැතිනම් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට එහි බලපෑම ගැන කෙටියෙන් විමසා බලමු.
බටලන්ද කොමිසන් සභා වාර්තාව පිළිබඳ නැවත ඇති වූ විවාදය සහ එහි දේශපාලන ගැටුම්වල ප්‍රතිඵල ගැන බොහෝ දෙනා කල්පනා කරනවා. රනිල් වික්‍රමසිංහ මහතාට එය බලපාන ආකාරය ගැන පෙර ලිපියකින් සාකච්ඡා කළා. මෙවර, මාලිමා එහෙමත් නැතිනම් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට එහි බලපෑම ගැන කෙටියෙන් විමසා බලමු.
ආණ්ඩුව බලවත් ප්‍රකාශ නිකුත් කළත්, ඒවා ක්‍රියාත්මක කිරීමේ හැකියාව ගැන සැලකිල්ලකින් තොරව ඒවා කරන බව මෑත සිදුවීම් රැසකින් තහවුරු වෙනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව ඔහුගේ සුඛෝපභෝගී නිවසෙන් එළියට දමනවා කියූ ප්‍රකාශය ඒ අතරින් කැපී පෙනෙනවා.
මීට පෙරත් ආණ්ඩුව මෙවැනි විශාල ප්‍රකාශ රැසක් කළත්, ඒවා ඉටු කර ගන්න බැරි වුණා. වී මිලදී ගෙන සහල් මාෆියාව පාලනය කරනවා කිව්වත් වී මිලදී ගන්න බැරි වුණා. සහල් මිල පාලනය කරන්න ගිහින් වී නිෂ්පාදනයත් අඩාල කර ගත් බව නවතම වාර්තා පෙන්වා දෙනවා.
මත්පැන් බලපත් ගැන ලොකු චෝදනා එල්ල කළත්, පසුව කිව්වේ ඒවා නීති විරෝධී නොවන නිසා කිසිවක් කරන්න බැරි බවයි.
හොරු අල්ලනවා කියූ කතාත් හිස් වෙලා. දැන් අල්ලපු හොරෙක් නැහැ. අර්ජුන මහේන්ද්‍රන් ගෙන්වන්නත් බැරි වුණා.
බටලන්ද වාර්තාව අනුව රනිල්ට එරෙහිව ක්‍රියා කරනවා කියන කයිවාරුවටත් එම ඉරණමම අත්වෙන්න ඉඩ තියෙනවා. ඒක මාලිමා ආණ්ඩුවට තවත් දේශපාලන පරාජයක් වෙනවා.
මෙහි තවත් බලපෑමක් තමයි ජාතික ජන බලවේගය වෙහෙසෙමින් ගොඩනඟා ගත් දේශපාලන අනන්‍යතාවය විනාශ වීම.
ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) තම පක්ෂ අනන්‍යතාවයෙන් බලය ලබා ගන්න බැරි බව තේරුම් ගෙන, එය අතහැර ජාතික ජන බලවේගය ලෙස නව අනන්‍යතාවයක් ගොඩනඟන්න වෙහෙසුණා. ඒ සඳහා ජවිපෙට අයත් නොවන පිරිස් එක්කර ගන්නත් ඔවුන් උත්සාහ කළා. නව ආර්ථික දැක්මක් සහ දේශපාලන ක්‍රියාවලියක් ඉදිරිපත් කරමින් පැරණි ජවිපෙ මතවාද යටපත් කළා.
ජවිපෙට කවදාවත් එක්කර ගන්න බැරි වූ පිරිසක් ජාතික ජන බලවේගය වටා එකතු වුණා. 88/89 කාලයේ ජවිපෙ ඝාතන ලැයිස්තුවල සිටි බේරුණු අයත්, ජවිපෙ මර්දනයට රජය සමඟ වැඩ කළ අයත් එහි වේදිකාවේ දකින්න ලැබුණා.
කෙටි කලකින් ජාතික ජන බලවේගය දැවැන්ත ව්‍යාපාරයක් බවට පත්වෙලා ආණ්ඩු බලය ලබා ගත්තේ මේ නව අනන්‍යතාවයෙන්. ඒ සඳහා ජවිපෙ අනන්‍යතාවය යටපත් කරන්න සිදු වුණා. ජවිපෙට තිබුණු ප්‍රචණ්ඩ, මිනීමරු අතීතය ජනතාවට අමතක කරවීමට ඔවුන්ට හැකි වුණා.
බටලන්ද කොමිසන් සභා වාර්තාව ගැන නව විවාදය දේශපාලන වශයෙන් කඩා වැදෙන්නේ මේ නව අනන්‍යතාවය රට හමුවේ ඉදිරිපත් කරමින් සිටින වෙලාවකයි.
බටලන්ද ගැන කතාව උත්සන්න වීමත් සමඟ ආණ්ඩුවේ සමහර නායකයන්ට ජාතික ජන බලවේගයේ නව අනන්‍යතාවය අමතක වුණා. ඔවුන් ඒ ගැන ප්‍රතිචාර දැක්වුවේ ජවිපෙ ලෙසයි. එමඟින් මෙතෙක් යට ගසා තිබූ ඔවුන්ගේ මිනීමරු අතීතය යළිත් මතු වුණා. ශිෂ්ට ලෙස ගොඩනඟා තිබූ ප්‍රතිරූපය වෙනුවට, නිරායුධ මිනිසුන් ඝාතනය කළ බිහිසුණු සංවිධානයක රුව ඉස්මතු වුණා.
ඔවුන් බොහෝ වෙහෙසෙමින් ගොඩනඟා ගත් ජාතික ජන බලවේගයේ ප්‍රතිරූපය දැන් කඩා බිඳ වැටෙමින් තියෙනවා. ඒ සමඟ එක්ව සිටි ජවිපෙට අයත් නොවන පිරිස් දැන් දැඩි ප්‍රතිවිරෝධයකට මුහුණ දී සිටිනවා. නව ප්‍රතිරූපයට සහය දුන් ජනතාවත් දැන් පසුබට වෙලා.
බටලන්ද ගැටුමෙන් ජාතික ජන බලවේගයේ නව අනන්‍යතාවය විනාශ වෙලා ගිහින්. දැන් ඉතිරි වෙලා තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ පැරණි රුව පමණයි.
මෙහි දේශපාලන ප්‍රතිඵල ඉදිරියේදී අපට දැක ගන්න පුළුවන් වේවි.
