දේශබන්දු වීසි වේ - අලුත් පොලිස්පති ධූරය ප්‍රියන්ත වීරසූරියට!

Report

ශ්‍රී ලංකාවේ නව පොලිස්පතිවරයා ලෙස දැනට වැඩබලන පොලිස්පති ලෙස සේවය කරන ප්‍රියන්ත වීරසූරිය පත් කිරීමට සැලසුම් කර ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව, ප්‍රියන්ත වීරසූරිය 37 වැනි පොලිස්පතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතයි.

කෙසේ වුවත්, මාධ්‍ය වාර්තා කළේ පොලිස්පති ධුරයට අපේක්ෂකයින් හත් දෙනෙකු සිටියද, රජයේ ආරංචි මාර්ග පවසන්නේ දැනට වැඩබලන පොලිස්පතිවරයාම නව පොලිස්පති ලෙස පත් කෙරෙන බවයි.

දේශබන්දු නිසා තව දෙන්නෙක් අමාරුවේ!

දේශබන්දු නිසා තව දෙන්නෙක් අමාරුවේ!

දේශබන්දු තෙන්නකෝන්ගේ පොලිස්පති ධුරයේ කටයුතු ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකින් අත්හිටුවීමෙන් පසු, ප්‍රියන්ත වීරසූරිය වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණා.

දේශබන්දු තෙන්නකෝන්ව පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමට ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 115 දෙනෙකුගේ අත්සන් සහිත යෝජනාවක් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

එම යෝජනාව ලබන අප්‍රේල් 8 හෝ 9 යන දිනවලදී පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට රජය දැනටමත් සැලසුම් කර ඇති බව පවසනවා.

ඉතිහාසයට එක්වුණු පළමු ලාංකික යූටියූබ් නාලිකාව මෙන්න!

ඉතිහාසයට එක්වුණු පළමු ලාංකික යූටියූබ් නාලිකාව මෙන්න!

එම යෝජනාව සම්මත වූ පසු දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කෙරෙන අතර, ඒ වෙනුවට ප්‍රියන්ත වීරසූරිය නව පොලිස්පතිවරයා ලෙස පත්වනු ඇත.