රනිල් නෑ කියපු බටලන්ද වාර්තාව මෙන්න!

By Shehan Mar 07, 2025 08:58 AM GMT
Report

Al Jazeera රූපවාහිනී සංවාදයේදී Frances Harrison හිටපු BBC මාධ්‍යවේදිනිය විසින් ඉදිරිපත් කළ බටලන්ද කොමිෂන් සභා වාර්තාව, අන්තර්ජාලයට මුදා හරිමින් ඇය X සටහනක් තබා තිබෙනවා.

අදාළ සංවාදයේදී Al Jazeera මාධ්‍යවේදියා විසින් මෙම වාර්තාව උපුටා දක්වමින් ප්‍රශ්න කිරීමේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එවැනි වාර්තාවක් නොපවතින බවට දැඩිව ප්‍රකාශ කළා.

අල් ජසීරා සාකච්ඡාවේදී වෙච්ච දේ.. රාසරත්නම් ගැනත් රනිල් එළියට ඇවිත් කියයි

අල් ජසීරා සාකච්ඡාවේදී වෙච්ච දේ.. රාසරත්නම් ගැනත් රනිල් එළියට ඇවිත් කියයි

එවිට Frances Harrison විසින් අදාළ වාර්තාවේ ඇය සතුව තිබූ පිටපතක් ඉදිපත් කිරීමට කටයුතු කරනු ලැබුවා.

එසේ ඉදිරිපත් කළ වාර්තාව අන්තර්ජාලයට මුදා හරිමින් ඇය පවසා ඇත්තේ බටලන්ද වධකාගාරය ගැන ජනාධිපති ​කොමිශන් සභා වාර්තාවක් පවතින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතික්ෂේප කිරීමට උත්සාහ කරමින් සිටින බවයි.

International Truth and Justice Project