අල් ජසීරා සාකච්ඡාවේදී වෙච්ච දේ.. රාසරත්නම් ගැනත් රනිල් එළියට ඇවිත් කියයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග අල්ජසීරා රූපවාහිනිය පසුගියදා පටිගත කරන ලද සම්මුඛ සාකච්ඡාවකදී උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ.
ඒ Head to Head විශේෂාංගයේ ආරාධිතයා වශයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්වූ අවස්ථාවේදීය.
ප්‍රශ්නය - පාර්ලිමේන්තුව විසින් ඔබ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස පත් කළා. ඔබ ආර්ථිකය ස්ථාවරත්වයකට ගෙන ආවා. ඔබ රටේ 70%ක උද්ධමනය 1.3%ක් දක්වා පහළට ගෙන ආවා වසරක් තුළදී. නමුත් ඔබ පසුගිය සැප්තැම්බරයේ පැවති ජනාධිපතිවරණයේ පරාජයට පත්වුණා. ඒ තරම් හොඳ වාර්තාවක් තැබූ ඔබ ශ්‍රී ලාංකික ජනතාව විසින් මුළුමනින්ම ප්‍රතික්ෂේප කිරීම ගැන ඔබට මොනවද හිතෙන්නේ?
පිළිතුර - මම පරාජය වුණේ මොකද කියලා පැහැදිලි කරන්න මට මෙතනට ආවේ නැහැ. නමුත් මම සතුටු වෙනවා මට පැවරුණු කාර්යය ඉටුකිරීමට හැකිවීම ගැන.
ප්‍රශ්නය - 2022 වසරේ ඔබ බලයට පැමිණ පැය කිහිපයකින් ඔබ ආරක්ෂක හමුදා අමතලා නීතිය හා සාමය ඇතිකරන්න ඕනෑම දෙයක් කරන්න කියලා ඔවුන්ට උපදෙස් දුන්නා නේද? ඊළඟට ඔවුන් ප්‍රචණ්ඩකාරී අන්දමින් විරෝධතාකරුවන් මර්දනය කළා නේද?
පිළිතුර - කවුරුවත් තරුණ පෙළේ අදහස් නොසලකා හැරියේ නැහැ. පාර්ලිමේන්තුව විසින් ජනාධිපතිවරයා ලෙස මා පත් කළ විට මම නීතිය හා සාමය ස්ථාපිත කළ යුතු වනවා. පාර්ලිමේන්තුව කැරලිකරුවන් විසින් අත්පත් කරගත්තොත් කවර තත්ත්වයක්ද උදාවෙන්නේ. එය ප්‍රජාතන්ත්‍රවාදී ද ?
ප්‍රශ්නය - ජාත්‍යන්තර ක්ෂමා ආයතනය ප්‍රකාශ කරන විදියට පොලිසිය විසින් විරෝධතාකරුවන්ට එරෙහිව ඔබේ කාර්යාලය ඉදිරිපිට කඳුළු ගෑස් කැනිස්ටර් 944ක් පාවිච්චි කර තියෙනවා ?
පිළිතුර - ජාත්‍යන්තර ක්ෂමා ආයතනය අපේ රටවල් අපකීර්තියට පත්කරනවා. මොකද ඔවුන් වෙනස් ආකාරයක අදහස් දරන අය.
ප්‍රශ්නය - යුරෝපා සංගමය කියනවා සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහිව අනවශ්‍ය විදියට බලය යෙදවීමක් සිදුවී ඇති බව.
පිළිතුර - යුරෝපා සංගමය ඇතැම් රාජ්‍යයන් නොවන සංවිධානවලට මූල්‍යාධාර සපයා තිබෙනවා. ඔවුන් මට ඉල්ලා අස්වන ලෙසත් බල කළා. ඔවුන්ම තමයි ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් මුදාගත් බවට මට ප්‍රශංසා පළ කරන්නේ.
ප්‍රශ්නය - ඔබ යුරෝපා සංගමයට කැමති නැහැ. ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයටත් කැමති නැහැ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමටත් විරුද්ධයි.
පිළිතුර - නැහැ. මම යුරෝපා සංගමයට කැමතියි. ඔබට මට ආයතන ගැන කියන්න තියෙන හැමදෙයක්ම කියන්න. ඊළඟට මම උත්තර දෙන්නම්. මම දේශපාලනයේ ඉන්නේ ඔබ ඉපදෙන්නත් කලින් ඉඳලා.
ප්‍රශ්නය - කතෝලික පල්ලියේ ප්‍රධානියා වන කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් කියනවා ඔබ පාස්කු ප්‍රහාරයේ සැබෑ විමර්ශනයක් කරන්න උත්සාහ නොගත් බව. ඔබ ඒ සඳහා පත්කළ කොමිසම ඵලක් නැති වාර්තාවක් නිකුත් කළ බවයි ඔහු කිව්වේ.
පිළිතුර - මම දන්නවා කතෝලික පල්ලියේ දේශපාලනයක් පවතින බව.
බහුතරයක් බෞද්ධ ජනතාව සිටින ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආගමික නායක මල්වතු මහා නා හිමි බවට තමා කළ ප්‍රකාශය අල් ජසීරා සම්මුඛ සාකච්ඡාව ප්‍රචාරය කිරීමේදී සම්පූර්ණයෙන්ම කපා දමා ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ඉහත සාකච්ඡාවේදී ප්‍රශ්න විමසීම සඳහා තමාට නොදන්නවා එල්.ටී.ටී.ඊ සංවිධානයේ දෙදෙනකුම යොදවා සිටියේ යැයිද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් වැඩිදුරටත් කීය.
අල් ජසීරා සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාවේදී තමා පෙනී සිටියේ රට වෙනුවෙන් බවද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
අල් ජසීරා මධ්‍ය නාලිකාව මා සමඟ කළ සම්මුඛ සාකච්ඡාව අද දින විකාශය කරනු ලැබුවා.ලංකාවේ සම්මුඛ සාකච්ඡා වල සජීවීව පටිගත කොට හොඳ මෙන්ම නරක සියල්ලම විකාශය කරනු ලබනවා.නමුත් මා සමග අල්ජසීරා මාධ්‍ය ආයතනය පැය දෙකක පමණ සම්මුඛ සාකච්ඡාවක් කොට විකාශය කොට ඇත්තේ පැයක පමණ කොටසක්.
එහි ඇතැම් හොඳ අදහස් දැක්වීම් පළ කර නැහැ.ඒ සියල්ල විකාශය කළා නම් මීට වඩා පරිපූර්ණ අදහසක් ලබාගන්නට හැකියාව ලැබෙනවා.
අම්බිකා සත්‍යනාදන් මැතිනිය අදාල සම්මුඛ සාකච්ඡාවට එන බව කිව්වත් ඇය ආවේ නැහැ.අන්තිමට ආවේ වෙනත් රාස රත්නම් නම් කාන්තාවක්.ඒ බව මට කලින් කියා තිබුණේ නැහැ.ඇයගේ ස්වාමි පුරුෂයා ඇන්ටන් බාලසිංහම්ට උපදෙස් දුන් පුද්ගලයෙක්.ඒ කාරණාව වැරදි නම් මදුරා රාසරත්නම් මැතිනියට එය නිවැරදි කරන්න පුළුවන්.
එල්ටීටීඊ සංවිධානයේ හිටපු දෙන්නෙක් අදාළ සම්මුඛ සාකච්ඡාවට යොමු කර තිබුණා. පැන්සිස් හැරිසන් එහි හිටියා.
යුද්ධයේදී හතලිස් දාහක් මැරුණා යැයි කියන කතාව බොරුවක් බවට මා පැවසුවා. එවැනි තවත් කරුණු ගණනාවක් තිබුණා.මා ඒවා මෙතන කියන්න යන්නේ නැහැ.
ලංකාවේ බහුතරයක් සිටින්නේ බෞද්ධයන් බවත් අප දන්නා ප්‍රධාන ආගමික නායකයා මල්වතු මහනාහිමියන් බවත් මා ප්‍රකාශ කළා.
අනෙක් සියලු පූජකතුමන්ලා එනම් කාදිනල් තුමා හෝ බිෂොප් තුමන්ලා ඉන් පසුව බව මා ප්‍රකාශ කළා. නමුත් එය විකාශය කර නැහැ.
කිසිදු අවස්ථාවක බලයේ නොසිටි බව කියමින් මා ප්‍රශ්න මඟ හැරියේ නැහැ. මගෙන් වැඩිපුරම ඇසුවේ රාජපක්ෂලා ගැනයි යනුවෙන්ද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
