ලබන සතියේ බැසිල් රාජපක්ෂ සහ නිමල් ලන්සා සමඟ තීරණාත්මක සාකච්ඡාවක්..

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර හදිසි හමුවක් පැවැත්විය යුතු බවට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙන බව වාර්තා වනවා.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ, ජනාධිපති කාර්යාලය විසින් එය ඉදිරිපත් කර ඇති බවයි.

මොවුන් දෙදෙනා දේශපාලනික වශයෙන් දැඩි ලෙස විරසක වී සිටින බවට ද තොරතුරු වාර්තා වේ.

ඉදිරි පැය 24 ගැන රතු අනතුරු ඇඟවීමක්.. දැඩි අවධානයෙන් ඉන්න..

ඉදිරි පැය 24 ගැන රතු අනතුරු ඇඟවීමක්.. දැඩි අවධානයෙන් ඉන්න..


මීට වසර කිහිපයකට පෙර බැසිල් රාජපක්ෂ මහතාගේ සමීපතමයකු ලෙස නිමල් ලංසා මන්ත්‍රීවරයා කටයුතු කළේ ය.

කෙසේ වෙතත් මේ වනවිට ඔහු පාර්ලිමේන්තුවේ තවත් මන්ත්‍රීවරුන් පිරිසක් සමඟ ස්වාධීනව කටයුතු කිරීම ද විශේෂත්වයක්.

ජාතික පුවත් පතක් තොරතුරු වාර්තා කර ඇත්තේ, මෙම විශේෂ හමුව පැවැත්වීමේ යෝජනාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කර ඇති බවටයි.

ජනපති ගුරු පත්වීම් සිහිනය සැබෑවක් කරයි..රටේම ගුරුවරුන් ගැනත් කියූ දේ..

ජනපති ගුරු පත්වීම් සිහිනය සැබෑවක් කරයි..රටේම ගුරුවරුන් ගැනත් කියූ දේ..


එහි දී බැසිල් රාජපක්ෂ මහතා හමුවිය හැකි බවත් තම දේශපාලන ස්ථාවරය වෙනස් නොකරන බවත් නිමල් ලංසා මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

පසුගියදා ජනාධිපතිවරයාගේ මැතිවරණ මෙහෙයුම් කමිටුවට බැසිල් රාජපක්ෂ මහතාට ද ආරාධනා කරනු ලැබී ය.

ඊට නිමල් ලංසා සහ අනුර යාපා යන මහත්වරුන් සිය විරෝධය පළ කළේ ය.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ, මෙම විරෝධතා සමථයකට පත් කිරීම සඳහා අදාළ හමුව සම්බන්ධීකරණය සඳහා වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා පත්කර ඇති බවටයි.

ඉදිරි සතියේ දී බැසිල් - ලන්සා හමුව පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය වීමේ අරමුණින් මේ වනවිට නිමල් ලංසා මහතා නව සන්ධානය නමින් දේශපාලන පක්ෂයක් පවත්වාගෙන යාම ද විශේෂත්වයක්.