ඉදිරි පැය 24 ගැන රතු අනතුරු ඇඟවීමක්.. දැඩි අවධානයෙන් ඉන්න..

Report

තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඉදිරි පැය 24 සඳහා වලංගු වන පරිදි එම දෙපාර්තමේන්තුව මෙම නිවේදනය නිකුත් කර ඇත.

ජීවිතයෙන් වන්දි ගෙවූ පෙම් පලහිලව්ව..

ජීවිතයෙන් වන්දි ගෙවූ පෙම් පලහිලව්ව..


රීමල් සුළි කුණාටුව හේතුවෙන් දිවයින වටාවන මුහුදු ප්‍රදේශයේත් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේත් ඉතා තද සුළං සමගින් තද වැසි ඇතිවිය හැකි බවයි, එම නිවේදනයේ සඳහන් වන්නේ.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, එසේම එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවයි.

ජනපති ගුරු පත්වීම් සිහිනය සැබෑවක් කරයි..රටේම ගුරුවරුන් ගැනත් කියූ දේ..

ජනපති ගුරු පත්වීම් සිහිනය සැබෑවක් කරයි..රටේම ගුරුවරුන් ගැනත් කියූ දේ..


උතුරු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති රීමල් සුළි කුණාටුව අද (26) පෙරවරුව වනවිට චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති බවයි, එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.

මීට අදාලව, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති රතු අනතුරු ඇඟවීමේ නිවේදනය පහතින්.

GalleryGallery