ශ්‍රී ලංකා පොලිසියෙන් අනතුරු ඇඟවීමක් - සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාප්ත වන බැංකු ත්‍යාග ස්කෑමය

Report

ශ්‍රී ලංකා පොලිසිය අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් පවසා ඇත්තේ, බැංකු මගින් ත්‍යාග ලබාදෙන බව පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පණිවිඩයක් වංචනික සහ භයානක ස්කෑම් (scam) එකක් බවයි.

පොලිසියට අනුව, මෙම පණිවිඩ මගින් පහත ක්‍රියාකාරකම් සිදුවන බවට තොරතුරු හෙළි වී ඇත:

  • පෞද්ගලික තොරතුරු සොරකම්: පුද්ගලයන්ගේ බැංකු ගිණුම් තොරතුරු, පින් අංක, සහ රහස්‍ය තොරතුරු සොරකම් කිරීම.
  • ජංගම දුරකථන මෘදුකාංග වෙනස් කිරීම: ව්‍යාජ ලින්ක් හරහා දුරකථනවලට හානිකර මෘදුකාංග (malware) ඇතුළත් කිරීම.

කෝටි තුනක මැණික් ඉස්සූ සැකකරු බේරුවලදී කොටුවෙයි

කෝටි තුනක මැණික් ඉස්සූ සැකකරු බේරුවලදී කොටුවෙයි

ශ්‍රී ලංකා පරිඝනක හදිසි ප්‍රතිචාර සංසදයට (Sri Lanka CERT) මේ සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇති බව එහි ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද මහතා සඳහන් කරයි. ඔහු වැඩිදුරටත් අවධාරණය කරන්නේ, ජංගම දුරකථන ඔස්සේ බැංකු කටයුතු සිදුකරන පුද්ගලයින් මෙවැනි ව්‍යාජ පණිවිඩ සම්බන්ධයෙන් විශේෂයෙන් සැලකිලිමත් විය යුතු බවයි.

පොලිසියෙන් උපදෙස් මාලාවක් 

බැංකුවලින් එවන බවට පෙනෙන ඕනෑම පණිවිඩයක ලින්ක් හෝ ඉල්ලන තොරතුරු පිළිබඳ සැක සිතේ නම්, ඒවා විශ්වාස නොකර බැංකුවෙන් සෘජුව තහවුරු කරන්න.

බැංකු ගිණුම් අංක, පින් අංක, හෝ පාස්වර්ඩ් වැනි තොරතුරු ඕනෑම පණිවිඩයකට හෝ ලින්ක් හරහා බෙදා නොගන්න.

ජංගම දුරකථනවල ආරක්ෂිත මෘදුකාංග (antivirus) ස්ථාපනය කර යාවත්කාලීනව තබා ගන්න.

මෙවැනි වංචනික පණිවිඩ හමුවුවහොත් ශ්‍රී ලංකා පරිඝනක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) හෝ ආසන්නතම පොලිස් ස්ථානයට වාර්තා කරන්න.

අනතුරු දායක ලෙස අමතර කොටස් සවිකර ඇති රථවාහනවලට හෙට සිට නීතිය තදයි

අනතුරු දායක ලෙස අමතර කොටස් සවිකර ඇති රථවාහනවලට හෙට සිට නීතිය තදයි

පොලිසිය සහ ශ්‍රී ලංකා පරිඝනක හදිසි ප්‍රතිචාර සංසදය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, මෙවැනි ව්‍යාජ පණිවිඩ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවීමට සහ එවැනි පණිවිඩවල ලින්ක් හෝ ඉල්ලන තොරතුරු ලබා නොදීමටයි. මෙම වංචාවන් මඟින් මූල්‍ය හානි සහ තොරතුරු සොරකම් ඇතුළු බරපතල ප්‍රතිවිපාක ඇති විය හැකි බැවින්, ජනතාවගේ සහයෝගය මෙම වංචනික ක්‍රියාකාරකම් මැඩලීමට ඉතා වැදගත් බව පොලිසිය අවධාරණය කරයි.

රාජ්‍ය සේවයට එන්න ඉන්න හැමෝටම මෙන්න සුබ ආරංචියක්

රාජ්‍ය සේවයට එන්න ඉන්න හැමෝටම මෙන්න සුබ ආරංචියක්

අද මේ ලග්න වලටනම් වාසනාව උතුරන සමාජයේ සැලකිළි වැඩිවන දවසක් - අද දවසේ ලග්න පලාපල

අද මේ ලග්න වලටනම් වාසනාව උතුරන සමාජයේ සැලකිළි වැඩිවන දවසක් - අද දවසේ ලග්න පලාපල