අනුර කුමාර ජනපති වුණාම බැංකුව හරහා ජනතාවට ණය දෙන ක්‍රමය ගැන දැනුම්දීමක්..

Central Bank of Sri Lanka Nandalal Weerasinghe Anura Kumara Dissanayaka Sri Lanka Politician Janatha Vimukthi Peramuna
By Aruna Aug 19, 2024 05:02 AM GMT
Aruna

Aruna

Report

ජාතික ජන බලවේගය විසින් පිහිටවන ඉදිරි රජයක් යටතේ ව්‍යවසායකයන්ට ඇපයකින් තොරව ණයක් ලබාගැනීමට සංවර්ධන බැංකුවක් පිහිටුවන බව එම පක්ෂයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජාතික ජන බලවේග ජනාධිපතිවරණ ජන රැළියක් අමතමින් අනුර කුමාර මහතා මෙම අදහස් පළ කළා.

පලාතක පාසල් වල විදුහල්පතිවරුන් සම්බන්ධව ගත් විශේෂ තීරණය මෙන්න.

පලාතක පාසල් වල විදුහල්පතිවරුන් සම්බන්ධව ගත් විශේෂ තීරණය මෙන්න.


‘අපේ රටේ ශක්තිමත්, ජාත්‍යන්තරය සමග තරග වැදීමට සමත් කොන්ත්‍රාත්කරුවන් ඉන්නවා.

ඒ සඳහා රජය සහයෝගය ලබාදිය යුතුයි. තාක්ෂණය ප්‍රාග්ධනය ලබා දෙනවා. කර්මාන්තකරුවකු, ව්‍යවසායකයකු වෙන්න බැංකුවකින් ණයක් ගන්න දේපළක් උකස් කළ යුතු වෙනවා. දේපළක් ඇපයට නැතිව ණය ගන්න බෑ.

ඇප වලින් තොර ණය ලබාදෙන්න පුළුවන් සංවර්ධන බැංකුවක් අපි හදනවා.

ඇපය තමයි එම ව්‍යාපාරය දියුණු කරන්න පුළුවන් ව්‍යාපෘති වාර්තාව. ඒ ව්‍යාපෘති වාර්තාව අධ්‍යයනය කරලා පියවරෙන් පියවර මුදල් ලබා දෙනවා.

ජාතික ජන බලවේගයේ රජයක් යටතේ තරුණයකුට ව්‍යවසායකයකු වෙන්න දේපළ ඇපයකින් තොරව ණය ලබා දෙනවා.

ප්‍රාග්ධනය, තාක්ෂණය හා වෙළදපොළ හොයලා දෙනවා. අපි ලෝකයේ වෙළදපොළෙන් පංගුවක් අත්පත් කරගත යුතුයි’

මේ අතර, ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ ඇප නැතුව මූලික ප්‍රාග්ධනයන් ලබාදීම සඳහා නව සංවර්ධන බැංකුවක් බිහිකරන්නේ යැයි එහි නායක අනුර දිසානායක මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා ද ප්‍රතිචාර දක්වා තිබුණා.

මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු කල විමසීමකට ප‍්‍රතිචාර ලෙස ඔහු මෙම අදහස් පළ කළා.

සංවර්ධන බැංකුවක් කියන අදහස ගොඩක් කල් ඉඳන් සාකච්ඡා වෙච්ච එකක්.

ඇප නැතිව ණය දෙනව කියන එක කවුරු හරි අැප සහතික කරන්න ඕනේ. ඉතින් රජය සූදානම් නම් ඒ ගැරන්ටි එක දෙන්න ඒක දෙන්න පළුවන්.

ජපානයේ වෙසෙන සියලුම දෙනා ආරක්ෂා වෙත්වා..අද ප්‍රබල භූමිකම්පාවක්.

ජපානයේ වෙසෙන සියලුම දෙනා ආරක්ෂා වෙත්වා..අද ප්‍රබල භූමිකම්පාවක්.


එතකොට රජය සහතික කරනවා කියන්නේ ණය ලබාගත්තේ නැත්නම් රජය බදු ගෙවන්නාගේ මුදලින් පියවනවා කියන එක.

ඉතින් ඔබතුමාලා බදු ගෙවන්නන් විදිහට කැමතිනං කවුරු හරි ගත්ත ණයක් පියවන්න ඒක ක‍්‍රියාත්මක කරන්න පුළුවන්’

ReeCha