පලාතක පාසල් වල විදුහල්පතිවරුන් සම්බන්ධව ගත් විශේෂ තීරණය මෙන්න.

By Aruna Aug 19, 2024 01:19 AM GMT
Report

පසුගිය කාලයේ අත්හිටුවන ලද වයඹ පළාතේ විදුහල්පති ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීමට කුරුණෑගල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් ආර්.එම්.එච්.බී. රත්නායක මහතා එම පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම්වරයාට අවසර දී තිබෙනවා.

එම ස්ථාන මාරු සම්බන්ධයෙන් යම් පැමිණිල්ලක් ලදහොත් එහි සම්පූර්ණ වගකීම ලේකම්වරයාට පවරමින්, එම අවසරය ලබාදී ඇත.

අද මේ ලග්නවලට විරුද්ධ ලිංගිකයින්ගේ ආදරය ලැබෙන දිනයක්..ඒ නිසා විමසිල්ලෙන් ඉන්න..

අද මේ ලග්නවලට විරුද්ධ ලිංගිකයින්ගේ ආදරය ලැබෙන දිනයක්..ඒ නිසා විමසිල්ලෙන් ඉන්න..


මෙලෙස අනුමැතිය ලබාදී ඇත්තේ එම ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීමට අවසරය දෙන ලෙස ඉල්ලමින් පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්වරයා කළ ඉල්ලීමක් මතයි.

ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ විරුද්ධත්වයක් නොමැති බව ද එම ලිපියෙන් දන්වා ඇත. මෙම ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණේ මීට මාස කිහිපයකට පෙරාතුවයි.

එම පළාතේ හිටපු ආණ්ඩුකාර ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා එම ස්ථාන මාරු අත්හිටුවා තිබූ අතර පසුව ආණ්ඩුකාර ධුරය භාර ගත් නසීර් අහමඩ් මහතා විසින් ද එම ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීමට සූදානම් වී යළිත් අත්හිටුවනු ලැබීය.

නිකිණි පුරපසළොස්වක පොහොය අදයි..

නිකිණි පුරපසළොස්වක පොහොය අදයි..


මෙම ස්ථාන මාරු ක්‍රියාත්මක නොකිරීමට විරුද්ධව ලංකා විදුහල්පති සංගමය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ද කර තිබුණා.

ස්ථාන මාරු කිරීමට නියමිත ලේඛනයට විදුහල්පතිවරු එකසිය දොළොස් දෙනෙක් අයත් වෙයි.