කෝටි 3.5ක බැංකු මගඩියේ සැකකරු යළිත් රිමාන්ඩ්

By Malith Madushan Jun 09, 2026 11:26 AM GMT
Report

රාජ්‍ය බැංකුවකින් රුපියල් කෝටි 3.5ක මුදලක් අස්ථානගත වීම සම්බන්ධ සිද්ධියට අදාළව රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරනු ලැබූ සහකාර බැංකු කළමනාකරු ලබන 23 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට හොරණ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අදාළ සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීම සහ පොදු දේපළ පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යාමට නියමිත බව සඳහන් වේ.

මේ බැංකුවලින් ගනුදෙනුකරුවන්ට පණිවුඩයක්.. ජූලි 1 දා සිට ක්‍රෙඩිට් කාඩ් පොළිය ඉහළ යන ලකුණු

මේ බැංකුවලින් ගනුදෙනුකරුවන්ට පණිවුඩයක්.. ජූලි 1 දා සිට ක්‍රෙඩිට් කාඩ් පොළිය ඉහළ යන ලකුණු

එමෙන්ම, සිද්ධියට අදාළ බැංකුවේ කාර්යපටිපාටිය පිළිබඳ වාර්තාවක් කැඳවා ඇති අතර, ATM යන්ත්‍ර සඳහා රැගෙන ගිය බව කියන මුදල් සහ බැංකුවේ ගබඩා කාමරයේ තිබී සොයාගත් මුදල් අතර සම්බන්ධතාව සොයා බැලීමටද අධිකරණය නියෝග කර ඇත.

එවාගේම මීට පෙර සැකකරුට 54(1) වගන්තිය යටතේ පවරා තිබූ නඩුව පොලිසිය විසින් ඉවත් කරගෙන තිබේ.

මෙම සිද්ධියට අදාළ දෙවන සැකකරු වන ආරක්ෂක නිලධාරියා ලබන 11 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, බස්නාහිර පළාත් උතුරු අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී.    

ඛනිජ තෙල් සංස්ථාවෙන් සුභ ආරංචියක් - ඉන්ධන පටවාගත් නැව් දෙකක් ලංකාවට

ඛනිජ තෙල් සංස්ථාවෙන් සුභ ආරංචියක් - ඉන්ධන පටවාගත් නැව් දෙකක් ලංකාවට