ඛනිජ තෙල් සංස්ථාවෙන් සුභ ආරංචියක් - ඉන්ධන පටවාගත් නැව් දෙකක් ලංකාවට
ඉන්ධන පටවාගත් නැව් දෙකක් හෙට සහ අනිද්දා ශ්‍රී ලංකාවට පැමිණෙන බව ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කර තිබේ. ඛනිජ තෙල් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙතිකුමාර මහතා අදාළ තොරතුරු මාධ්‍ය වෙත නිවේදනය කර තිබේ.
එයට අනුව, ඔක්ටේන් 95 පෙට්‍රල් ටොන් 7,000 ක් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් ටොන් 29,000 ක් රැගෙන ඉන්ධන ප්‍රවාහන නෞකාවක් හෙට (10) කොළඹ වරායට පැමිණෙනු ඇත.
එසේම, ඩීසල් ටොන් 29,000 ක් සමඟ ඉන්ධන ප්‍රවාහන නෞකාවක් හෙට (11) කොළඹ වරායට පැමිණෙනු ඇත.
මේ අතර, කොළඹ වරායේ ඉන්ධන ටැංකියකින් ඩීසල් මෙට්‍රික් ටොන් 32,000 ක් සහ සුපිරි ඩීසල් මෙට්‍රික් ටොන් 7,200 ක් මේ වන විට ගොඩබෑම සිදුවෙමින් පවතින බව නිවේදනය කර ඇත.