කාසියේ ජය බංග්ලාදේශයට – ක්‍රීඩාව ආරම්භයට සූදානම්

Cricket Bangladesh Cricket Team Latest Headlines Sinhala news gagana news
By Shehan Jun 17, 2025 04:18 AM GMT
Shehan

Shehan

Report

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වෙයි.

එම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායමේ නායකයා සමත් වූ අතර ඔහු පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

අද ආරම්භ වන පළමු ටෙස්ට් තරගය ක්‍රීඩාලෝලීන්ට නොමිලේ නැරඹීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවස්ථාව සලසා තිබේ.

2025 - 2027 ICC ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවත්වෙන ශ්‍රී ලංකා - බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියට තරග 2ක් ඇතුළත්ය.

දෙරට අතර ගාල්ලේදී අද ආරම්භවන පළමු ටෙස්ට් තරගය ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටම තුන්ඉරියව් ක්‍රීඩකයෙකු වන ඇන්ජලෝ මැතිව්ස් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ සහභාගි වන අවසන් තරගයයි.

මැතිස්ව්ගේ අවසන් තරගය ගාල්ලේදී නොමිලේ නැරඹීමට අවස්ථාවක්

මැතිස්ව්ගේ අවසන් තරගය ගාල්ලේදී නොමිලේ නැරඹීමට අවස්ථාවක්

මැතිව්ස්ගේ සමුගැනීම වෙනුවෙන් වෙනුවෙන් ගාල්ල ක්‍රීඩාංගණය සූදානම් කර තිබුණි.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ දක්වා ටෙස්ට් තරග 26ක් පවත්වා ඇති ඉන් තරග 20ක් ශ්‍රී ලංකාව ජය ගනිද්දී බංග්ලාදේශය ජය ගෙන ඇත්තේ එක් තරගයක් පමණි.

මාලිමා සභාපතිට පහර දෙයි - ආරක්‍ෂාවට STF කැඳවයි

මාලිමා සභාපතිට පහර දෙයි - ආරක්‍ෂාවට STF කැඳවයි

තරග 5ක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සහභාගිවන 49 වැනි ටෙස්ට් තරගය මෙය වන අතර ඔවුන් මේ දක්වා එම ක්‍රීඩාංගණයේ සහභාගි වූ ටෙස්ට් තරග 48න් තරග 27ක් ජය ගැනීමට සමත්ව තිබේ.

EXCLUSIVE - මාලිමාව මැර බලය මුදාහරී - පහර දීමකින් UNP කොළඹ නාගරික මන්ත්‍රිනිය රෝහලේ

EXCLUSIVE - මාලිමාව මැර බලය මුදාහරී - පහර දීමකින් UNP කොළඹ නාගරික මන්ත්‍රිනිය රෝහලේ

ReeCha