මැතිස්ව්ගේ අවසන් තරගය ගාල්ලේදී නොමිලේ නැරඹීමට අවස්ථාවක්
ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම් අතර පළමු ටෙස්ට් තරගය අද (17) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන ඇන්ජලෝ මැතිව්ස්ට මෙය ඔහුගේ අවසන් ටෙස්ට් තරගය වන අතර, ඒ නිසා මෙම තරගය විශේෂ අවස්ථාවක් වශයෙන් සැලකේ.
මෙම අවස්ථාවට සමගාමීව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තරගය නැරඹීමට ප්‍රේක්ෂකයින්ට නොමිලේ ප්‍රවේශය ලබාදීමට තීරණය කර ඇති බවද දැන්වී ඇත.
2025 – 2027 ICC ලෝක ටෙස්ට් චැම්පියන්ෂිප් තරගාවලියේ මුලික තරග දෙක අතරින් පළමු තරගයද මෙය වන අතර, කණ්ඩායම් නායකයින්ගේ ප්‍රධානත්වයෙන් වෙන්වූ කුසලානයද මේ අවස්ථාවේදී එළිදැක්වියි.
තරගය අද පෙරවරු 10.00ට ආරම්භ වීමට නියමිතය.



